පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1406/’11
ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ මෙරටින් පිටරටවලට විදේශ විනිමය ඇදී යාමට හේතුවූ ඉතාම වැදගත් ආනයන භාණ්ඩ පහළොවෙහි ප්‍රමාණයන් සහ වටිනාකම් කවරේද;
(ii) එම භාණ්ඩ ආනයනය කරන ලැබූ රටවල නම් කවරේද;
යන්න වාර්ෂික පදනමින්, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) දේශීයව නිපදවනු ලබන භාණ්ඩ හා සේවාවන් හෝ මිල අඩු විකල්ප යොදාගනිමින් එම භාණ්ඩ ආනයනය කරනු ලබන ප්‍රමාණය අඩු කිරීමට හැකියාවක් තිබේද;
(ii) එසේ නම්, ආනයනය කිරීම සහ දේශීයව නිෂ්පාදනය කිරීම අතර වෙනසේ වටිනාකම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන දිරිගැන්වීමේ හැකියාවක් තිබේද;
(ii) එසේ නිෂ්පාදනය කළ හැකි නම්, ඒ බව සනාථ කළ හැකි සාක්ෂි වාර්ෂික පදනමින් කවරේද;
(iii) ඉහත කී පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂිකව ඉතිරි කර ගැනීමට හැකිවන විදේශ විනිමය ප්‍රමාණය සහ ජනනය කිරීමට හැකිවන රැකියා ප්‍රමාණය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-11-28
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i), (ii) } ඇමුණුම 1 බලන්න.
(ආ) (i) ඇතැම් භාණ්ඩවලට අඩු කළ හැකිය.
එහෙත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග, තිරිඟු ඇට, තිරිඟු පිටි හා මයිසූර් පරිප්පු, ඖෂධ, පොහොර ආනයනය සීමා කිරීම තුළින් මහ ජනතාව දැඩි අපහසුතාවට පත් වේ. ඉහත සඳහන් ආනයන අඩු කිරීමට හා විකල්ප නිෂ්පාදන දිරිමත් කිරීමට රජය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. උදාහරණ ලෙස දේශීය කිරි නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා ආනයනය කරනු ලබන කිරි පිටි සඳහා දී තිබූ තීරු බදු සහනය අඩු කිරීමට රජය විසින් කටයුතු කිරීම පෙන්වා දිය හැකිය.
(ii) සියලුම භාණ්ඩවලට අදාළව ආනයනය කිරීම සහ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීම දුෂ්කරය. කෙසේ වුවද, කිසි යම් භාණ්ඩයක් හඳුනා ගෙන ප්‍රශ්නය යොමු කළොත් පිළිතුරු දිය හැකිය.
(ඇ) (i) ඔව්.
පනත යටතේ අරමුණු:
1. මහජනතාවගේ හිත සුව පිණිස ක්‍රමෝපායික වැදගත්කම අදාළ වන්නා වූ භාණ්ඩ හා සේවා ලබා ගැනීම.
2. විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි රට තුළට ගලා ඒම.
3. ප්‍රමාණවත් රැකියා ජනනයක් හා ආදායම් ඉපයීමේ අවස්ථා ඇති කරලීම.
4. අපේක්ෂිත තාක්ෂණික ඥානය හුවමාරු කර ගැනීම.
එකී අරමුණු අනුව මෙම පනත යටතේ ක්‍රියාත්මක වනු ලබන ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන දිරිගැන්වීම අනිවාර්යයෙන්ම සිදු වේ.
(ii) වාර්ෂික පදනමින් කරුණු ඉදිරිපත් කිරීමට තරම් කාලයක් ගතවී නොමැත. එසේ වුවද, මෙම පනත යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඇමුණුමෙහි දැක්වේ. එකී ඇමුණුම 2 ලෙස සභාගත* කරමි.
එකී ව්‍යාපෘති අතර දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සෘජුවම දායකවන ව්‍යාපෘතියක් ලෙස වානේ ව්‍යාපෘතිය (වානේ කර්මාන්තශාලා
නවීකරණ ව්‍යාපෘතිය) දැක්විය හැක. ඊට අමතරව මෙම පනත යටතේ ක්‍රියාත්මක වන ඇමුණුමෙහි දැක්වෙන අනෙකුත් ව්‍යාපෘති මඟින්ද දේශීය නිෂ්පාදන දිරිගැන්වීම වක්‍රාකාරයෙන් සිදු වේ.
(iii) මේ පනතේ එක් අරමුණක් වනුයේ විදේශ විනිමය රට තුළට ගලා ඒම ඉහළ නැංවීමයි. ඒ අනුව නිශ්චිත සංඛ්‍යානමය පුරෝකථනයක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැති වුවද දැනට ක්‍රියාත්මක වන ඇමුණුමෙහි දැක්වෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය බැලීමේදී සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙන්ම රැකියා ජනනයක්ද අපේක්ෂා කළ හැකිය.
(ඈ) පැන නොනඟී.
ඇමුණුම 1
ඇමුණුම - 2
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks