02

සි   |     |  

 Date: 2011-11-28   Answered 

1406/2011: MAIN ITEMS IMPORTED : QUANTITIES AND VALUES

1406/’11

Hon. Ravi Karunanayake,— To ask the Minister of Finance and Planning,—

(a) Will he state separately on per year basis—

(i) the quantities and the values of 15 most important items drawing out the exchange from the country from 2005 to date; and

(ii) the countries from which those items were imported?

(b) Will he inform this House—

(i) whether it is possible to reduce the import volume of  those items by  replacing them with locally produced good and services or with a cheaper  alternatives; and

(ii) if so, the value of the difference between importation and local production?

(c) Will he also state—

(i) whether the production of Sri Lankan based items has been encouraged through the Strategic Development Projects Act; and

(ii) if it is so, the corroborative evidence on  per year basis; and

(iii) the possible exchange saving and the employment creation per year, consequent to the implementation of the aforesaid Act ?

(d) If not, why?

 

Asked Date

2011-11-28

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Finance and Planning

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம)

(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ) (i), (ii) } ඇමුණුම 1 බලන්න. 

(ආ)         (i)      ඇතැම් භාණ්ඩවලට අඩු කළ හැකිය.

                                  එහෙත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග, තිරිඟු ඇට, තිරිඟු පිටි හා මයිසූර් පරිප්පු, ඖෂධ, පොහොර ආනයනය සීමා කිරීම තුළින් මහ ජනතාව දැඩි අපහසුතාවට පත් වේ. ඉහත සඳහන් ආනයන අඩු කිරීමට හා විකල්ප නිෂ්පාදන දිරිමත් කිරීමට රජය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. උදාහරණ ලෙස දේශීය කිරි නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා ආනයනය කරනු ලබන කිරි පිටි සඳහා දී තිබූ තීරු බදු සහනය අඩු කිරීමට රජය විසින් කටයුතු කිරීම පෙන්වා දිය හැකිය.

              (ii)      සියලුම භාණ්ඩවලට අදාළව ආනයනය කිරීම සහ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීම දුෂ්කරය. කෙසේ වුවද, කිසි යම් භාණ්ඩයක් හඳුනා ගෙන ප්‍රශ්නය යොමු කළොත්  පිළිතුරු දිය හැකිය.

(ඇ)    (i) ඔව්.

පන‍ත යටතේ අරමුණු:

1. මහජනතාවගේ හිත සුව පිණිස ක්‍රමෝපායික වැදගත්කම අදාළ වන්නා වූ භාණ්ඩ හා සේවා ලබා ගැනීම.

2. විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි රට තුළට ගලා ඒ‍ම.

3. ප්‍රමාණවත් රැකියා ජනනයක් හා ආදායම් ඉපයීමේ අවස්ථා ඇති කරලීම.

4. අපේක්ෂිත තාක්ෂණික ඥානය හුවමාරු කර ගැනීම.

එකී අරමුණු අනුව මෙම පනත යටතේ ක්‍රියාත්මක වනු ලබන ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන දිරිගැන්වීම අනිවාර්යයෙන්ම සිදු වේ.

(ii) වාර්ෂික පදනමින් කරුණු ඉදිරිපත් කිරීමට තරම් කාලයක් ගතවී නොමැත. එසේ වුවද, මෙම පනත යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති ඇමුණුමෙහි දැක්වේ. එකී ඇමුණුම 2 ලෙස සභාගත* කරමි.

එකී ව්‍යාපෘති අතර දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සෘජුවම දායකවන ව්‍යාපෘතියක් ලෙස වානේ ව්‍යාපෘතිය (වානේ කර්මාන්තශාලා

නවීකරණ ව්‍යාපෘතිය) දැක්විය හැක. ඊට අමතරව මෙම පනත යටතේ ක්‍රියාත්මක වන ඇමුණුමෙහි දැක්වෙන අනෙකුත් ව්‍යාපෘති මඟින්ද දේශීය නිෂ්පාදන දිරිගැන්වීම වක්‍රාකාරයෙන් සිදු වේ.

 (iii)      මේ පනතේ එක් අරමුණක් වනුයේ විදේශ විනිමය රට තුළට ගලා ඒම ඉහළ නැංවීමයි. ඒ අනුව නිශ්චිත සංඛ්‍යානමය පුරෝකථනයක් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැති වුවද දැනට ක්‍රියාත්මක වන ඇමුණුමෙහි දැක්වෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය බැලීමේදී සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මෙන්ම රැකියා ජනනයක්ද අපේක්ෂා කළ හැකිය.

(ඈ) පැන නොනඟී.

ඇමුණුම 1

 

ඇමුණුම - 2

 

Answered Date

2013-01-08

Answered by

Hon. (Dr.) Sarath Amunugama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks