පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1370/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වැලිගම, කප්පරතොට, “දර්ශන” හි පදිංචි එස්. ටී. කේ. ජයවීර මහතා ඇතුළු සහෝදරයින්ට අයත් වැලිගම, කප්පරතොට, නව ගාලු පාරේ අංක 153/1 දරන තනිගහවත්ත නැමැති ඉඩමේ පර්චස් 18.235 පමණ ප්‍රමාණයක් වැලිගම නගර සභාව මගින් පවරා ගෙන ඇති බවත්;
(ii) එම පවරාගැනීම සිදුකොට වර්ෂයකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මේ දක්වා වන්දි මුදලක් ගෙවා නොමැති බවත්;
(iii) ගැසට් නිවේදනයක් මගින් පවරා ගන්නා ලද ඉහත ඉඩමට අමතරව එස්. ටී. කේ. ජයවීර මහතා ඇතුළු සහෝදරයින්ට අයත් ඒ අවට ඉඩම් ද හසුවන සේ වැලිගම නගර සභාව මේ වනවිට ගොඩනැගිලි ඉදිකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පවරාගත් ඉඩම වෙනුවෙන් මෙතෙක් වන්දි මුදල් නොගෙවීමට හේතු කවරේද ;
(ii) වන්දි මුදල ගෙවන්නේ නම්, ඊට ගතවන කාලය කවරේද;
(iii) වන්දි ලෙස ගෙවන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අ(iii) හි සඳහන් ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා යොදාගත් ඉඩම් කොටස් සඳහා ද වන්දි මුදලක් ලබා දෙන්නේද;
(ii) එසේ නම්, එම වන්දි මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-12-14
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)
(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) නැත. එවැනි පවරා ගැනීමක් ගැන තහවුරු වී නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) එවැනි ගොඩනැඟිල්ලක් ඉදි කර නොමැත.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks