01

E   |     |  

 දිනය: 2022-02-10   පිළිතුර ලබා දී ඇත 

1019/2022: ශ්‍රී ලංකාවේ බන්ධනාගාර: රැඳවියන්ගේ ධාරිතාව

----

අසන ලද දිනය

2022-02-10

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බන්ධනාගාර 60ක් පිහිටුවා තිබෙනවා. එම තොරතුරු පහත දක්වා තිබෙනවා.

                        ශ්‍රී ලංකාවේ මේ වනවිට පිහිටුවා ඇති බන්ධනාගාර සංඛ්‍යාව

                        සංවෘත බන්ධනාගාර    -                04

                        රිමාන්ඩ් බන්ධනාගාර    -                18

                        වැඩ කඳවුරු  -    10

                        විවෘත සිර කඳවුරු    -                02

අභ්‍යාස විද්‍යාල - 01

විශෝධන මධ්‍යස්ථාන - 02

සිර මැදිරි - 23

එකතුව - 60

(ii) ඒවා පිහිටුවා ඇති ස්ථාන මෙසේයි.

ප්‍රධාන බන්ධනාගාර ආයතන - 22

 

අනු අංකය

බන්ධනාගාරය

පිහිටුවා ඇති ස්ථානය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

වැලිකඩ බන්ධනාගාරය

කොළඹ 08

1422

2642

1220

02

දුම්බර බන්ධනාගාරය

දුම්බර - පල්ලෙකැලේ

1006

1529

523

03

මහර බන්ධනාගාරය

මහර

1000

1930

930

04

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය

අඟුණුකොළපැලැස්ස

952

1058

106

05

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය

කොළඹ 08

423

1323

900

06

මැගසින් බන්ධනාගාරය

කොළඹ 09

493

880

387

07

යාපනය බන්ධනාගාරය

යාපනය

336

641

305

08

අනුරාධපුරය බන්ධනාගාරය

අනුරාධපුරය

830

502

-328

09

බදුල්ල බන්ධනාගාරය

බදුල්ල

157

352

195

10

මඩකලපුව බන්ධනාගාරය

මඩකලපුව

197

539

342

11

ගාල්ල බන්ධනාගාරය

ගාල්ල

120

657

537

12

මාතර බන්ධනාගාරය

මාතර

146

427

281

13

මීගමුව බන්ධනාගාරය

මීගමුව

761

1137

376

14

ත්‍රිකුණාමලය බන්ධනාගාරය

ත්‍රිකුණාමලය

121

181

60

15

කෑගල්ල බන්ධනාගාරය

කෑගල්ල

149

583

434

16

කළුතර බන්ධනාගාරය

කළුතර උතුර

559

863

304

17

පොළොන්නරුව බන්ධනාගාරය

පොළොන්නරුව

252

217

-35

18

වාරියපොළ බන්ධනාගාරය

වාරියපොළ

182

686

504

19

මොණරාගල බන්ධනාගාරය

මොණරාගල

114

243

129

20

බූස්ස බන්ධනාගාරය

බූස්ස

325

168

-157

21

කුරුවිට බන්ධනාගාරය

කුරුවිට

624

490

-134

22

වවුනියාව බන්ධනාගාරය

වවුනියාව

54

256

202

එකතුව

10223

17304

7735

බන්ධනාගාර වැඩ කඳවුරු - 10

අනු අංකය

බන්ධනාගාරය

පිහිටුවා ඇති ස්ථානය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

හෝමාගම වැඩ කඳවුර

වටරැක-පාදුක්ක

108

331

223

02

මීතිරිගල වැඩ කඳවුර

මීතිරිගල

30

නැත

-30

03

වීරවිල වැඩ කඳවුර

වීරවිල

278

323

45

04

කන්දෙවත්ත වැඩ කඳවුර

කන්දෙවත්ත

100

34

-66

05

කදුරුගස්ආර වැඩ කඳවුර

ඇඹිලිපිටිය

80

36

-44

06

අඹේපුස්ස වැ‍ඩ කඳවුර

වරකාපොළ

70

139

69

07

හංගිලිපොළ වැඩ කඳවුර

වාරියපොළ

88

21

-67

08

කුරුවිට වැඩ කඳවුර

කුරුවිට

80

73

-07

09

පිටබැද්දර වැඩ කඳවුර

මාතර

20

11

-09

10

වාරියපොළ වැඩ කඳවුර

වාරියපොළ

වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන්ම සේවයේ යෙදවීම සිදු කරයි.

 

 

එකතුව

854

968

337

විවෘත බන්ධනාගාර සිර කඳවුරු - 02

 

අනු අංකය

බන්ධනාගාරය

පිහිටුවා ඇති ස්ථානය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

පල්ලෙකැලේ සිර කඳවුර

කුණ්ඩසාලේ

287

424

137

02

අනුරාධපුර සිර කඳවුර

අනුරාධපුරය

177

86

-91

 

එකතුව

464

510

137

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන - 02

 

අනු අංකය

බන්ධනාගාරය

පිහිටුවා ඇති ස්ථානය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය

දළුපොත

170

352

182

02

තල්දෙන විශෝධන මධ්‍යස්ථානය

තල්දෙන

155

235

80

 

එකතුව

325

587

262

තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල  - 01

අනු අංකය

බන්ධනාගාරය

පිහිටුවා ඇති ස්ථානය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය - වටරැක

වටරැක - පාදුක්ක

35

18

-17

 

එකතුව

35

18

-17

(iii) රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව 11,901යි. 2022.02.28 දිනට රඳවා තබා ඇති සංඛ්‍යාව 19,387යි.

(iv) 2022.02.28 දින වන විට අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව 8,471යි. දැනට පවතින තත්ත්වය ඒකයි.

(iii) සහ (iv) ප්‍රශ්නවලට අදාළ සම්පූර්ණ පිළිතුර මෙසේයි.

 

බන්ධනාගාර ආයතනවල රැඳවිය හැකි සංඛ්‍යාව හා අතිරික්තය - සාරාංශ සටහන

 

අනු අංකය

බන්ධනාගාරය

රඳවා තැබිය හැකි සංඛ්‍යාව

2022.02.28 දිනට රඳවා ඇති සංඛ්‍යාව

අතිරික්ත රැඳවියන් සංඛ්‍යාව

01

ප්‍රධාන බන්ධනාගාර ආයතන

10223

17304

7735

02

බන්ධනාගාර වැඩ කඳවුරු

854

968

337

03

විවෘත බන්ධනාගාර සිර කඳවුරු

464

510

137

04

තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථාන

325

587

262

05

තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල

35

18

-17

 

එකතුව

11901

19387

8471

  • ප්‍රධාන සංවෘත බන්ධනාගාර වශයෙන් වැලිකඩ, මහර, දුම්බර හා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර වශයෙන් සලකනු ලබන අතර, අනෙක් බන්ධනාගාර රිමාන්ඩ් බන්ධනාගාර වශයෙන් සලකනු ලබයි.
  • මීට අමතරව බන්ධනාගාර සිර මැදිරි 23ක් පිහිටා ඇත. එහි තාවකාලිකව රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කරන තෙක් රඳවා තබන අතර, අධිකරණ කටයුතු අවසන් වූ පසු නැවත අදාළ බන්ධනාගාරය වෙත මාරු කිරීම සිදු කරයි.

(v) ඔව්.

බන්ධනාගාර තදබදය අඩු කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

 

  • කොවිඩ්-19 වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත  වීමට සමගාමීව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් අඩු කර ගැනීම සඳහා අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී රැඳවියන් සඳහා ඇප කොන්දේසි ලිහිල් කර ඇප මත පුද්ගලයන් බන්ධනාගාරයෙන්                 මුදා හැරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ අනුව 2020 වර්ෂයේ බන්ධනාගාරගතව රැඳවියන් 32,000ක් සිටි අතර, එම ප්‍රමාණය මේ වනවිට 19,500ට ආසන්නයක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇත.
  • අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කර ඇති මරණ දඬුවම නියමව සිටින සිරකරුවන්, ජීවිතාන්ත සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් හා දීර්ඝකාලීන සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුව ක්‍රියාත්මක කිරීම තුළින් බන්ධනාගාරගත සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම මඟින් ඔවුන් බන්ධනාගාරවලින් නිදහස් කිරීමට හැකි වී ඇත. එය බන්ධනාගාර තදබදය අඩු කර ගැනීමට පිටිවහලක් වී ඇත.
  • බන්ධනාගාර ආයතනවල පෙර නිමි - prefabricated - ගොඩනැඟිලි ඉදිකරගෙන යාම තුළින් තදබදය අවම කරගත හැකි වී ඇත. මේ වනවිට වාරියපොළ, පල්ලන්සේන බන්ධනාගාර ආයතනවල එම කටයුතු සිදු කර ඇති අතර, එය ඉදිරියේදී අනෙකුත් බන්ධනාගාර ආයතනවල ද ස්ථාපනය කිරීමට කටයුතු සිදු කරගෙන යමින් පවතී.
  • මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා එළිමහන් කඳවුරු ආශ්‍රිතව, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන හතක් ආරම්භ කර ඒ තුළින්, ඔවුන් නැවත නැවත බන්ධනාගාරගතවීම අවම කිරීමට කටයුතු කර ඇත. ඒ මඟින් බන්ධනාගාර තුළ තදබදය අවම කර ගැනීමට ඉදිරියේදී අවකාශ සැලසෙන බව සඳහන් කරමි. උදාහරණ හැටියට, අඹේපුස්ස, පල්ලේකැලේ, මහර (කන්දෙවත්ත), වීරවිල, පල්ලන්සේන, අනුරාධපුර, තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහන් කළ හැක.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2022-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks