පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ගංගා ද්‍රෝණි සංඛ්‍යාව 103කි.
(ii)
|
01. කැළණි ගඟ |
53. මියන්ගොල්ල ඇළ |
|
02. බොල්ගොඩ ගඟ |
54. මාදුරු ඔය |
|
03. කළු ගඟ |
55. පුලියන්පොට ආරු |
|
04. බෙන්තර ගඟ |
56. කිරිමෙච්චි ඔඩයි |
|
05. මාදු ගඟ |
57. බෝධිගොල්ල ආරු |
|
06. මාදම්පෙ ගඟ |
58. මන්දන් ආරු |
|
07. තෙල්වත්ත ගඟ |
59. මකරච්චි ආරු |
|
08. රත්ගම ගඟ |
60. මහවැලි ගඟ |
|
09. ගිං ගඟ |
61. කන්තලයි ආරු |
|
10. කොග්ගල ගඟ |
62. පාලම්පොට්ටු ආරු |
|
11. පොල්වත්ත ගඟ |
63. පාන් ඔය |
|
12. නිල්වලා ගඟ |
64. පාන්කුලම් ආරු |
|
13. සීනිමෝදර ඔය |
65. කුන්චිකුම්බන් ආරු |
|
14. කිරම ඔය |
66. පලකුට්ටි ආරු |
|
15. රැකව ඔය |
67. යාන් ඔය |
|
16. ඌරුබොකු ඔය |
68. මී ඔය |
|
17. කචිගල් ආර |
69. මහ ඔය |
|
18. වලවේ ගඟ |
70. චූරිය ආරු |
|
19. කරඟන් ඔය |
71. චවර් ආරු |
|
20. මලල ඔය |
72. පල්ලඩි ආරු |
|
21. ඇඹිලිකල ඔය |
73. මානල් ආරු |
|
22. කිරිඳි ඔය |
74. කොඩලිකල්ලු ආරු |
|
23. බඹව ආර |
75. පර් ආරු |
|
24. මහශීලව ඔය |
76. පලි ආරු |
|
25. බූතව ඔය |
77. මරුත්තපිල්ලයි ආරු |
|
26. මැණික් ගඟ |
78. තෙරවිල් ආරු |
|
27. කටුපිල ආර |
79. පිරමන්තල් ආරු |
|
28. කුරුන්ඳ ආර |
80. මෙතලි ආරු |
|
29. නාබඩගස් ආර |
81. කනකරයන් ආරු |
|
30. කරඹෙ ආර |
82. කලවලප්පු ආරු |
|
31. කුඹුක්කන් ඔය |
83. අක්කරයන් ආරු |
|
32. භගුර ඔය |
84. මන්දෙකල් ආරු |
|
33. ගිරිකුල ඔය |
85. පල්ලවරයන්කඩ්ඩු ආරු |
|
34. හෙලව ආර |
86. පලි ආරු |
|
35. විල ඔය |
87. චප්පි ආරු |
|
36. හැඩ ඔය |
88. පරංගි ආරු |
|
37. කරඳ ඔය |
89. නෙයි ආරු |
|
38. සෙමන් ආරු |
90. මල්වතු ඔය / අරුවි ආරු |
|
39. තන්ඩිආඩි ආර |
91. කල් ආරු |
|
40. කංගිකඩිචි ආරු |
92. මෝදරගම් ආරු |
|
41. රුෆස් කුලම් |
93. කලා ඔය |
|
42. පන්නල් ඔය |
94. මූන්ගලි ආරු |
|
43. අම්බලන් ඔය |
95. මී ඔය |
|
44. ගල් ඔය |
96. මදුරන්කුලි ආරු |
|
45. අඩෙල්ල ඔය |
97. කලගමුනෙ ආරු |
|
46. තුම්පන් කෙනි |
98. රතඹලා ඔය |
|
47. නමකඩ ආරු |
99. දැදුරු ඔය |
|
48. මංදිපට්ටු ආරු |
100. කරබල ඔය |
|
49. පතන්තොප්පු ආරු |
101. රත්මල් ඔය |
|
50. වෙට් ආරු |
102. මා ඔය |
|
51. මගලවතන් ආරු |
103. අත්තනගලු ඔය |
|
52. මූන්දෙනි ආරු |
|
(iii) ගංගාවල භාරකාරත්වය නිශ්චිත ආයතනයකට පවරා නොමැත.
"ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර, ඒවායේ පෝෂක ප්‍රදේශ හා රක්ෂිත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" යන මැයෙන් නිකුත් කරන ලද අංක 1894/3 - 2014 දෙසැම්බර් මස 22 වැනි සඳුදා දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ගංගා ආරක්ෂා කිරීමේ වගකීම ලබා දීමට යෝජනා වී ඇත.
(iv) ගංගාවල ව්‍යුහය සම්බන්ධ ගැටලු, ගංගා ඉවුරු ඛාදනය ආදිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් විසඳුම් ලබා දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වාර්තා කර ඇත.
එමෙන්ම, "සුරකිමු ගංගා ජාතික පාරිසරික වැඩසටහන" යන මැයෙන් පරිසර අමාත්‍යවරයා වශයෙන් මවිසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 20/1576/321/003 හා 2020.10.05 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් 2020 නොවැම්බර් මස 02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹි තීරණය අනුව, ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වකාර ආයතන සම්බන්ධ කර ගනිමින් විධිමත් හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇත.
"සුරකිමු ගංගා" වැඩසටහන පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. මේ වර්ෂයේත් විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා, රට පුර තිබෙන මේ ගංගා ටික පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks