01

E   |     |  

 දිනය: 2011-07-06   පිළිතුර ලබා දී ඇත 

1212/2011: Central Dispensaries - Ruwanwella Divisional Secratariat

1212/’11

ගරු වයි. ජී. පද්මසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)      රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටුවා ඇති රජයේ මධ්‍යම බෙහෙත් ශාලා සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඒවා පිහිටි ස්ථාන කවරේද;

           (iii)      අලුතින් මධ්‍යම බෙහෙත් ශාලා ඉදිකරගෙන යනු ලබන ස්ථාන කවරේද;

(iv) දැනට පවතින හා අලුතින් ඉදිකරගෙන යනු ලබන මධ්‍යම බෙහෙත් ශාලාවලට අමතරව රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පවතින අවශ්‍යතාව සපුරාලීමට ස්ථාපනය කළ යුතු මධ්‍යම බෙහෙත් ශාලා සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මධ්‍යම බෙහෙත් ශාලාවක් ස්ථාපනය කිරීමේදී අමාත්‍යාංශය මගින් සැලකිල්ලට ගනු ලබන නිර්ණායකයන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-07-06

අසන ලද්දේ

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks