පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1172/’11
ගරු තිස්ස අත්තනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) “අපි වෙනුවෙන් අපි” රණවිරු අරමුදලේ බලධාරීන් විසින් එම ව්‍යාපෘතිය යටතේ මුදල් එකතුකර රණවිරුවන් සඳහා නිවාස ඉදිකිරීමට පියවර ගන්නා බව මාධ්‍ය මගින් රටට ප්‍රකාශ කරන ලද බවත්;
(ii) ඒ අනුව එම අරමුදල සඳහා දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන් විසින් රණවිරුවන් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති බවත්;
(iii) මෙම වැඩපිළිවෙළ යටතේ ඉපලෝගම රණජයපුර ඉදිකරන ලද නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා දීමේදී රණවිරුවන්ගෙන් මුදල් අය කළ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) රණවිරුවන් සඳහා නොමිලේ නිවාස ඉදිකර දෙන බව ප්‍රකාශ කරමින් මුදලට නිවාස ලබා දීමත්;
(ii) මුදල් ගෙවීමට අකමැති වූ රණවිරුවන් එම නිවාසවලින් ඉවත් කිරීමත්;
සාධාරණ නොවන බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-06-22
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks