02

E   |     |  

 දිනය: 2011-05-04   පිළිතුර ලබා දී ඇත 

1100/2011: VIP lounge in Bandaranayake International Airport

1100/’11

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ) (i)      කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ප්‍රභූවරුන් සඳහා වෙන් වී ඇති පර්යන්තය (VIP) භාවිතා කිරීමට සුදුසු වන පුද්ගලයෝ කවරුන්ද;

(ii) ඊට අමතරව VIP පර්යන්තය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය හැකි වෙනත් පුද්ගලයන් කවරුන්ද;

(iii) ඉහත (i) සහ (ii) හි සඳහන් පුද්ගලයන් හැරෙන්නට VIP පර්යන්තය භාවිතා කරන වෙනත් පුද්ගලයෝ සිටින්නේද;

(iv) එසේ නම්, පසුගිය වර්ෂය තුළ එම පර්යන්තය භාවිත කළ එවැනි අයගේ නම් කවරේද;

(v) එම පුද්ගලයන් සඳහා VIP පර්යන්තය භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන්  පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ  මන්ද?

 

අසන ලද දිනය

2011-05-04

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks