පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1097/’11
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා දකුණු පළාත් සභාව විසින් වර්ෂ 2007 දී පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත ගුරු පත්වීම් ප්‍රදානය කර තිබේද;
(ii) එසේ නම්, එම පත්වීම් ප්‍රදානය කළ දිනය කවරේද;
(iii) එම විභාගයේදී ප්‍රතිඵල අනුව එක් එක් උපාධිධාරීයා විසින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම විභාගයේ ප්‍රතිඵල මත ගුරු පත්වීම් ලැබූවන්ගේ නම් සහ ඔවුන් ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාවන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උක්ත විභාගයේ ප්‍රතිඵල අනුව ගුරු සේවයට බඳවා ගැනීම සඳහා යෝජිතව තිබූ කොන්දේසි කවරේද;
(ii) පත්වීම් ප්‍රදානයේදී පෙර යෝජිතව තිබූ කොන්දේසිවල වෙනසක් සිදු කර තිබේද;
(iii) එසේ නම්, එම වෙනස් කිරීම් හේතුවෙන් ඉහත විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබා ගත් උපාධිධාරීන්ට සිදු වන අසාධාරණය වැළැක්වීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-05-03
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks