04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

2031/2021: Salary issues in SLTB

2031/2021

ගරු තිස්ස අත්තනායක මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමියගෙන්ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද වැටුප් ක්‍රමය 2018.10.01 වන දින සිට එම මණ්ඩලයේ සමස්ත සේවක පිරිසෙන් බහුතරයකට පමණක් ක්‍රියාත්මක වන බවත්;

(ii) විධායක සහ ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල සේවය කරනු ලබන අනෙකුත් නිලධාරින් සඳහා 2018.10.01 දින සිට මේ දක්වා ඉහත සඳහන් වැටුප් ක්‍රමය ක්‍රියාත්මක නොවන බවත්;

(iii) ඒ හේතුවෙන් එම නිලධාරින්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්;

  එතුමිය පිළිගන්නෙහිද;

(ආ) (i) විධායක සහ ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් සඳහා  ඉහත සඳහන් වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නේද;

(ii) එම නිලධාරින් සඳහා ඉහත සඳහන් වැටුප් ක්‍රමය 2018.10.01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-11-20

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks