01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1624/2021: මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය: ප්‍රගතිය

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු උද්දික ප්‍රේමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)  (i) සහ (ii)      මල්වතු ඔය පිටාර ගැලීමෙන් වන හානි අවම කිරීමේ අරමුණින් මල්වතු ඔය පුළුල් කිරීමේ කටයුතු, මල්වතු ඔය දිගේ තැනින් තැන ගොඩ ගැසී ඇති පස් හා රොන් මඩ ඉවත් කිරීම හා ඔය ආශ්‍රිතව බාධාකාරි ලෙස පවතින ගස් ක්‍රමිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇස්තමේන්තු සකස් කර 2018 වර්ෂයේ සිට වැඩ ආරම්භ කර ඇත.

(ආ) (i) සහ(ii)      2021 වර්ෂයේ කොහොඹගස් හන්දිය සිට ගල්පාලම දක්වා වූ කොටසේ කිලෝමීටර් 5ක රොන්මඩ ඉවත් කිරීම හා පුළුල් කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කරන ලදී. ඒ සඳහා මෙම වර්ෂය තුළ මේ දක්වා රුපියල් මිලියන 22.1ක ප්‍රතිපාදන ලැබුණු අතර ඉන් කිලෝමීටර් 3.5ක පමණ වැඩ අවසන් කර ඇත. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහනගර සභාව, අනුරාධපුර දිස්ත්‍රික් වන සංරක්ෂණ කාර්යාලය, අනුරාධපුර වනජීවි කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන දැනුවත් කර එම ආයතනවල නිරන්තර නිරීක්ෂණයන්ද අනුව අවශ්‍ය අවස්ථාවන්හිදී රේඛීය ආයතනවල නිරීක්ෂණ හා දැනුවත් කිරීම්ද ලබා ගනිමින් මෙම කාර්යය ඉතා ප්‍රවේසමෙන් සිදු කරනු ලබයි.

(iii) දැනට පවතින මෝසම් වර්ෂාවත් සමඟ ඉතිරි වැඩ කරගෙන යාම තාවකාලිකව නවතා ඇත.

(iv) පවතින මෝසම් වර්ෂා තත්ත්වය සාමාන්‍ය වූ විගස නැවත වැඩ ආරම්භ කරනු ලබයි.

(ඇ) මල්වතු ඔය ගංගා ද්‍රෝණිය නියඟයෙන් හා ගංවතුරෙන් නිරන්තරයෙන් පීඩා විඳින ගංගා ද්‍රෝණියක් වේ. මෙම ද්‍රෝණිය 2016 සිට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගංගා ද්‍රෝණි අධ්‍යනයක් වාරිමාර්ග අමාත්‍යාංශය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදු කරන ලදී. ඒ අනුව ගංවතුර හා නියඟයට හා ගංවතුර කළමනාකරණය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. අනුරාධපුර නගරයේ ගංවතුර වැළැක්වීමේ යෝජනාව ශක්‍යතා අධ්‍යනය නිම කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය 2022 වර්ෂයේ වාරිමාර්ග දෙපාර්තමේන්තු අයවැය යෝජනාවටද ඇතුළත් කර ඇත.

(ඈ) ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks