පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1401/2021
ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වඳුරන්, රිලවුන් සහ දඬු ලේනුන් ආදී සතුන්ගෙන් පොල් වගාවට සිදු වන හානි, පොල් මිල ඉහළ යාමට ප්‍රබල ලෙස බලපා ඇති බවත්;
(ii) රිලවුන් ගහනය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් දකුණු සහ ඌව පළාත්වල ගෙවතු ආශ්‍රිත පොල් වගාකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත තත්ත්වය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) මෙම සතුන්ගේ ගහනය පාලනය කිරීම සදහා —
(i) වන්ධ්‍යාකරණ ක්‍රමවේදය භාවිතා කළ නොහැකිද;
(ii) ආහාර සමඟ මිශ්‍ර කරන ලද හෝමෝන ප්‍රතිකර්ම ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේද;
(iii) වායු තුවක්කු භාවිතයෙන් එන්නත්කරණය සිදු කිරීම සම්බන්ධව අත්හදා බැලීම් සිදු කර තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-25
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වඳුරන්, රිළවුන් සහ දඬු ලේනුන් ආදි සතුන්ගෙන් පොල් වගාවට යම් හානියක් සිදු වේ. එහෙත් එය පොල් මිල ඉහළ යෑමට ප්‍රබල ලෙස බලපා නැත.
(ii) ඔව්.
(ආ) 2021 මාර්තු මස ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහල මුල් කරගනිමින් මෙම නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇත.
(ඇ) (i) හැකි ය.
(ii) ඔව්. ආහාර සමඟ මිශ්‍ර කරන ලද හෝර්මෝන ප්‍රතිකර්ම භාවිත කිරීම ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බැවින්, සත්ත්වගහනය පාලනය සඳහා උචිත නොවන ප්‍රතිකර්මයක් වේ.
(iii) ඔව්. වායු තුවක්කු භාවිත කර උපත් පාලන ඖෂධ එන්නත් කිරීම ද ප්‍රායෝගිකව සිදු කළ නොහැකි ක්‍රමවේදයකි.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks