පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රා බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ විධානයට යටත්ව ඒ ඒ ප්‍රදේශ භාර සුරාබදු අධිකාරිවරුන් විසින් ඉටු කරනු ලබයි. එනිසා එම තොරතුරු ලබාගෙන ඊට පිළිතුරු ලබා දීම සඳහා මාස දෙකක කාලයක් අවශ්‍ය වන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දන්වා ඇත.
(ii) ඉහත (අ) (i) හි පිළිතුර මීට අදාළ වේ.
(iii) ඉහත (අ) (i) හි පිළිතුර මීට අදාළ වේ.
(iv) ඉහත (අ) (i) හි පිළිතුර මීට අදාළ වේ.
(ආ) එකතු කරන ලද රා, රා එකතු කරන්නන් සන්තකයේ හෙවත් රා එකතු කිරීමේ මධ්‍යස්ථානයේ තබා ගැනීමට හැකි කාලය පස්වරු 6.00 දක්වා වේ.
(ඇ) (i) ඔව්.
(ii) ගස් මැදීමේ බලපත්‍ර ක්‍රමයකින් තොරව රා අතුරු ඇතුළු රා නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ ස්ථාන හා ඒවායේ ක්‍රියාවලීන් නිසි පරිදි නියාමනය කිරීමට හැකියාවක් නොමැත.
(iii) රාවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර කිරීම් ග්‍රහණය කිරීම සඳහා නිරන්තර පරීක්ෂණ හා වැටලීම් සිදු කිරීමටත්, රා තොගවල නියැදි ලබාගෙන ඒවා මත විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වන බලපත්‍ර රහිත පාර්ශ්වයන්ට එරෙහිව නඩු පැවරීමටත්, බලපත්‍ර සහිත පාර්ශ්වයන්ට එරෙහිව කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට නෛතික පියවර ගැනීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ.
(iv) මහ රා විවිධ රා වර්ග සඳහා දේශීය ප්‍රමිතීන් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින අතර, එතෙක් රා තොගවලින් ලබා ගන්නා නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යවා ඒවායේ අඩංගු වන අම්ල ප්‍රතිශතය සහ එම රා තොගයෙහි අන්තර්ගතය හා එහි මද්‍යසාර ප්‍රතිශතය ආදී කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks