02

E   |     |  

 දිනය: 2011-04-05   පිළිතුර ලබා දී ඇත 

1007/2011: Acting Principals

1007/’10

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      රජයේ පාසල් පද්ධතිය තුළ සිටින වැඩ බලන විදුහල්පතිවරුගේ සංඛ්‍යාව කොපමණද:

             (ii)      වැඩ බලන විදුහල්පතිවරු සිටින පාසල්වල විදුහල්පතීන් ලෙස සේවය කිරීම සඳහා සුදුසුකම් ඇති, අධ්‍යාපන පරිපාලන සේවා විභාගය සමත්ව සිටින සංඛ්‍යාව කොපමණද;

(iii) ඊට අමතරව ඉහත පාසල්වල විදුහල්පති තනතුරු දැරීමට සුදුසුකම් ඇති, විදුහල්පති ශ්‍රේණීන් සමත්ව සිටින විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම විදුලහල්පතිවරු  එම තනතුරු සඳහා පත් නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දිවයින තුළ ඇති  ඉසුරු පාසල් සංඛ්‍යාව කොපමණද;

(ii) නවෝද්‍යා පාසැල් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පාසල් සඳහා පසුගිය වර්ෂ පහ තුළ වෙන්කර ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) වයඹ පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වලට බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව එක් එක් තනතුරු අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) සේවකයින් බඳවාගත් පාසල් කවරේද;

(iii) එම සේවකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදය කවරේද:

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-04-05

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks