පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පසුගිය වර්ෂ 05ක කාලය තුළ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වකුගඩු රෝගීන් සංඛ්‍යාව 6,778කි.
(ii) පසුගිය වර්ෂ 05ක කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිය ගිය වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1,419කි.
(iii) වකුගඩු රෝගය වැළැක්වීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග:
1. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ නිදන්ගත වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ ජල මූලාශ්‍ර ජී.පී.එස්. සිතියම්කරණය -GPS mapping- සහ සමීක්ෂණය සිදු කිරීම. මෙමඟින් ආරක්ෂිත පානීය ජලය අවශ්‍ය ප්‍රදේශ හඳුනාගත හැක.
2. ආරක්ෂිත පානීය ජලය භාවිත කිරීමේ වැදගත්කම සහ ආරක්ෂිත කෘෂි රසායන භාවිතය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
3. ආරක්ෂිත පානීය ජලය සැපයීම. මේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ආසන්න වශයෙන් RO plants 173ක් සවිකර ඇත.
4. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකු (නිදන්ගත වකුගඩු රෝග) පත්කිරීම මඟින් ඉහළ අවදානම් ප්‍රදේශ සඳහා රෝගය වැළඳීම වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා අවස්ථා සැපයීම.
5. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ නිදන්ගත වකුගඩු රෝගීන් පූර්ව හඳුනා ගැනීමට හා අවදානම සහිත රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීම. පූර්ව හඳුනා ගැනීම මඟින් නිදන්ගත වකුගඩු රෝග වර්ධනය වළක්වන අතර සංකූලතා ඇතිවීම වළක්වයි.
6. රෝග නිවාරණ සැකසුම් ශක්තිමත් කිරීම සඳහා නිදන්ගත වකුගඩු රෝගී සායන පැවැත්වීමට ගොඩනැඟිලි පහසුකම් සැපයීම, රසායනාගාර උපකරණ සැපයීම, නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා ඇඳන් 250කින් යුත්, නවීන රසායනාගාර සහ පර්යේෂණ පහසුකම් සහිත රෝහල් ආරම්භ කිරීම සහ වකුගඩු රෝගීන් සඳහා වන කාන්දු පෙරීමේ පහසුකම් පුළුල් කිරීම.
(ආ) (i) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පතක් යොමු කළ, මාසික ආදායම රුපියල් 6,000කට වඩා අඩු සියලුම වකුගඩු රෝගීන් සඳහා රුපියල් 5,000 ආධාර මුදල ලබා දෙනු ලැබේ.
(ii) මෙම වැඩසටහන සඳහා 2021 අය වැය ලේඛනය මඟින් මුදල් අනුමත කරවාගෙන ඇති බැවින්, සැබෑ නිවාස අවශ්‍යතාව හඳුනා ගනිමින්, මේ වන විට ඉදිකර ඇති ඉදිකිරීම් අදියර සැලකිල්ලට ගනිමින්, වාරික වශයෙන් මුදල් ලබා දී අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) පැන නොනඟී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-02-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks