01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1017/2021: Details of 1-road project i Rathnapura district

1017/2020

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      “අයි-රෝඩ්” ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)      එම ව්‍යාපෘතිය මඟින් කාපට් අතුරා සංවර්ධනය කිරීමට අනුමත වූ එම දිස්ත්‍රික්කයේ මාර්ගවල දිග කොපමණද;

 

(iii) එම ව්‍යාපෘතිය යටතේ ගිවිසුම්ගත වූ කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත එක් එක් කොන්ත්‍රාත්කරු විසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වූ මාර්ගවල නම් හා ඒවායේ දිග;

(ii) එම මාර්ග අතරින් මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති මාර්ගවල නම් හා ඒවායේ දිග;

(iii) මේ වනවිට වැඩ අවසන් කර නොමැති මාර්ගවල නම් හා ඒවායේ දිග;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) වැඩ අවසන් කර නොමැති මාර්ග සංවර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-03-12

අසන ලද්දේ

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks