01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

0994/2021: තඹුත්තේගම මූලික රෝහල: මානව සම්පත ලබාදීම

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      තඹුත්තේගම මූලික රෝහල සඳහා අනුමත කාර්ය මණ්ඩලය සහ එම රෝහලේ මේ වන විට සිටින කාර්ය මණ්ඩල පිළිබඳ තොරතුරු ඇමුණුම මඟින් දක්වා ඇත.

                         ඇමුණුම සභාගත* කරමි.

              (ii)      එම රෝහලට අවශ්‍ය මානව සම්පත් ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියා මාර්ග:

         Ø  තඹුත්තේගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය නිලධාරි සහ හෙද නිලධාරි කාර්ය මණ්ඩල අනුමත සංඛ්‍යාව දැනටමත් සම්පූර්ණ කර ඇත.

Ø දන්ත වෛද්‍ය නිලධාරි වාර්ෂික ස්ථාන මාරු මත නිලධාරින් දෙදෙනෙකු 2022 ජනවාරි වන විට අනුයුක්ත කිරීමට නියමිතය.

Ø පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණුව සඳහා ජාතික මට්ටමින් 1,000ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතී. පුහුණුව අවසානයේ පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරින් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks