01

E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0882/2021: AHEAD ව්‍යාපෘතිය යටතේ ප්‍රදානය කළ ණය මුදල: උසස් අධ්‍යාපනය වෙනුවෙන් කළ වියදම

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           2019 වර්ෂයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා වැය කරන ලද මුළු මුදල රුපියල් මිලියන 71,045කි.

           එහි සංයුතිය,

           රාජ්‍ය විශ්වවිද්‍යාල      -                                           රුපියල් මිලියන 71,005.74

           රාජ්‍ය නොවන

           උසස් අධ්‍යාපන ආයතන -                                   රුපියල්  මිලියන        39.26

       එකතුව                      -                                         රුපියල් මිලියන 71,045.00

* රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා ලංකා බැංකුව වෙත ගෙවනු ලබන පොලී වාරික ඉහත මුදල තුළ අන්තර්ගත වේ. එය රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය වෙත කරන ලද වියදමක් සේ සලකා ඇත.

(ආ) (i) ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි. (රුපියල් මිලියන 14,500කි.)

(ණය ගිවිසුම අත්සන් කළ දිනය - 2017 ජූලි 17, එදිනට විනිමය අනුපාතය US Dollar එකකට ශ්‍රී ලංකා රුපියල් 145යි)

(ii) උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලෝක බැංකුව මගින් ණය ආධාර ලබාගෙන ඇත්තේ AHEAD ව්‍යාපෘතිය සඳහා පමණි.

ඒ අනුව 2019 වසර සඳහා  සමස්ත  උසස් අධ්‍යාපන  වියදම  රුපියල් මිලියන 71,045ක් වන අතර එයින් AHEAD ව්‍යාපෘතිය යටතේ  කරන ලද වියදම රුපියල්  මිලියන 2,580.5කි. ඒ අනුව වියදම් ප්‍රතිශතය සියයට 3.6කි.

(iii) පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වෙත ණය වෙන් කර නැත.  නමුත් ලෝක බැංකු අරමුදල් මඟින් ලබාගත් ණය මුදලෙන් AHEAD ව්‍යාපෘතිය මඟින් 2019 වසරේදී රුපියල් මිලියන 03ක ප්‍රතිපාදන  ඉහත කී ආයතන වෙත                 වෙන්කර ඇත.  එය රජයේ සමස්ත  වියදමෙන්  0.0038ක ප්‍රතිශතයකි. AHEAD ව්‍යාපෘතිය යටතෙහි  එකී ආයතන  සඳහා වෙන් කර ඇති සමස්ත ප්‍රතිපාදනය (වසර 06ක් සඳහා) රුපියල් මිලියන 138.5කි. එය ලෝක බැංකු  ණය  මුදලෙහි  ප්‍රතිශතයක්  ලෙස සියයට  0.95කි.

මෙය ගණනය කර ඇත්තේ ව්‍යාපෘති  වටිනාකම වන රුපියල්  මිලියන 14,500ට සාපේක්ෂව වේ.

(iv) මෙම ව්‍යාපෘතිය යටතේ 2018/2019 වර්ෂයේ සේවය කිරීම පිණිස ද්විතීයන පදනමෙන් අනුයුක්ත කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයට  අයත් උසස් අධ්‍යාපන අංශයෙහි  සේවක සංඛ්‍යාව 05කි.

එහි සංයුතිය මෙසේය,

• අධ්‍යාපන විශේෂඥයින් ලෙස  - 04

කොළඹ විශ්වවිද්‍යාලය - 02

කැලණිය විශ්වවිද්‍යාලය - 01

සබරගමුව විශ්වවිද්‍යාලය - 01

 

• ව්‍යාපෘති නිලධාරින් - 01

(උසස් අධ්‍යාපන අංශය සංවර්ධන නිලධාරී)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks