01

E   |     |  

 දිනය: 2020-12-10   පිළිතුර ලබා දී ඇත 

0880/2020: "ගම්පෙරළිය" වැඩසටහන: විස්තර

880/2020 ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) “ගම්පෙරළිය” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබුනේද; (ii) එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණු කවරේද; (iii) එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද කාල පරිච්ඡේදය කවරේද; (iv) එම වැඩසටහන සඳහා වෙන් කරන ලද මුදල කොපමණද; (v) එම වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ලද මුළු ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද; (vi) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල කොපමණද; (vii) “ගම්පෙරළිය” වැඩසටහන ක්‍රියාත්මක කළ කාලසීමාව තුළදී එම වැඩසටහනට අදාළව, අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා දරන ලද මුළු වියදම කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) “ගම්පෙරළිය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද එක් එක් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු වූ බවට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහතික විය හැකිද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-10

අසන ලද්දේ

ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      රටෙහි යටිතල පහසුකම්වල ගුණාත්මක තත්ත්වය දියුණු කරමින් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා උපකාර කිරීම සහ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීම.

             (iii)      2018/ 2019 (2018 වර්ෂයේ ජූලි මාසයේ සිට 2019 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා)

             (iv)      2018             - රුපියල් මිලියන 20,003.05

2019 - රුපියල් මිලියන 48,000

(v) 2018 - ව්‍යාපෘති 7,308

2019 - ව්‍යාපෘති 105,203

  (vi) 2018

2018 වර්ෂයේ අනුමත කරන ලද 51,509ක් වූ මුළු ව්‍යාපෘතිවලින් ව්‍යාපෘති 7,237ක් සම්පූර්ණයෙන් නිම කරන ලද අතර, ව්‍යාපෘති 171ක් අර්ධ වශයෙන් නිම කරන ලදි. ඒ අනුව, අවසන් කර ඇති සමස්ත වැඩ වටිනාකම රුපියල් මිලියන 5,068ක් වේ.

2019

2019.12.31 දින වන විට රුපියල් මිලියන 43,338.30ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 105,203ක් ක්‍රියාත්මක කොට ඇති අතර, රුපියල් මිලියන 41,494.21ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 101,391ක සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට ඇත.

(vii) ඔව්.

2019 .01.29 දින සිට 2019.11.19 දින දක්වා ගම්පෙරළිය ව්‍යාපෘතියට අනුයුක්තව කටයුතු කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ  වෙත ගෙවන ලද වැටුප් හා දීමනා පහත පරිදි වේ.

 

මාසය

මූලික වැටුප(රු.)

ඉන්ධන දීමනාව(රු.) (පෙට්‍රල් 140Lක් සඳහා)

දුරකථන දීමනාව (රු.)

2019 පෙබරවාරි

109,677.42 (2019.01.29 දින සිට හිඟ වැටුප ද පෙබරවාරි මසට ගළපා ඇත)

-

-

මාර්තු

100,000.00

35,844.51 (2019.01.31 දින සිට හිමි හිඟ දීමනාව ද මාර්තු මසට ගළපා ඇත)

10,483.87 (2019.01.29 දින සිට හිමි හිඟ දීමනාව ද මාර්තු මසට ගළපා ඇත)

අප්‍රේල්

100,000.00

18,480.00

5,000.00

මැයි

100,000.00

18,480.00

5,000.00

ජුනි

100,000.00

18,900.00

5,000.00

ජූලි

100,000.00

19,320.00

5,000.00

අගෝස්තු

100,000.00

19,040.00

5,000.00

සැප්තැම්බර්

100,000.00

19,320.00

5,000.00

ඔක්තෝබර්

100,000.00

19,180.00

5,000.00

නොවැම්බර් (2019.11.19 දින දක්වා)

63,333.33

12,147.33

3,166.66

එකතුව

973,010.75

180,711.84

48,650.53

(ආ)     අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් සඳහන් කර ඇති අරමුණු ළඟා කර ගැනීම සඳහා නිකුත් කළ චක්‍රලේඛ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

           ඒ පිළිබඳ සමාලෝචනයක් මා හට දැනට ලැබී නැත. අවශ්‍ය නම් එවැනි සමාලෝචනයක් කළ හැකි බව මා එතුමාට දන්වන්නම්.

(ඇ)     පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks