01

E   |     |  

 දිනය: 2021-02-25   පිළිතුර ලබා දී ඇත 

0873/2021: කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තය ඉදිකිරීම: ප්‍රතිලාභ

----

අසන ලද දිනය

2021-02-25

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කොළඹ වරාය තුළ බහලුම් හැසිරීම් (ආනයන, අපනයන, නැව් හුවමාරු (transshipment) පුරෝකථන අනුව කොළඹ වරායේ ධාරිතාව 2020 වසර වන විට, වසරකට බහලුම් විස්සේ සම ඒකක මිලියන 10ක් කරා ළඟා විය යුතුව තිබිණ. නැ‍ඟෙනහිර බහලුම් පර්යන්තයේ 2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ  කිසිදු සංවර්ධන කාර්යයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, කොළඹ වරාය තුළ නැව් පැමිණිමේදී විශාල තදබදයක් ඇති වේ. තවද, අපේක්ෂිත සියයට 5ක වර්ධන වේගය 2019 වසරේ සිට ළඟා කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින් නැ‍ඟෙනහිර බහලුම් පර්යන්තය 2024 වන විට අනිවාර්යයෙන්ම ඉදිකිරීම් අවසන් කොට ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමඟින් වසරකට බහලුම් ඒකක මිලියන 3ක් පමණ මෙහෙයවිය හැකි වේ.

(ii) 2015 වසරට ප්‍රථම ඇ.එ.ජ. ඩොලර් මිලියන 110ක් වැය කර නැඟෙනහිර බහලුම් පර්යන්තයේ පළමු අදියරේ වැඩ අවසන් කර ඇති අතර, ඉතිරි අදියර සඳහා වැය වේ යැයි ඇස්තමේන්තු මුදල ඇ.එ.ජ. ඩොලර් මිලියන 550ක් වේ.

(iii) ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වැය කිරීමට අපේක්ෂිත ඇ.එ.ජ. ඩොලර් මිලියන 550 මුදල් ප්‍රමාණයෙන් කොටසක් ණය වශයෙන්ද ගැනීමට යෝජිත අතර, නැ‍ඟෙනහිර බහලුම් පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ගරු මුදල් අමාත්‍යතුමාගේ නිරීක්ෂණවල දක්වා ඇති පරිදි විදේශ ණය මුදලක් ලබා ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු ය. ඉතිරි මුදල් ප්‍රමාණය ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් උපයා ගන්නා මුදලින්ද වැය කිරීම තුළින් නැ‍ඟෙනහිර බහලුම් පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කර මෙහෙයුම් ආරම්භ කළ හැකි වේ.

(iv) නව සංවර්ධන සැලැස්ම අනුව අදියර තුනක් යටතේ වසර 3කින් මෙම නැ‍ඟෙනහිර බහලුම් පර්යන්තයේ සංවර්ධන වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත.

සිවිල් වැඩ කොටස් වසර 3ක් ඇතුළත කිරීමටද   උපකරණ -

1. මාස 16ක් ඇතුළත නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර (STS)  06ක්, පීලි මත සවි කර ඇති අර්ධ ස්වයංක්‍රීය දොඹකර (ARMG) 20ක් සහ ස්ට්‍රැඩ්ල් යන්ත්‍ර (Straddle Carriers) 15ක්.

2. මාස 24ක් ඇතුළත නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර (STS) 03ක්, පීලි මත සවි කර ඇති අර්ධ ස්වයංක්‍රීය දොඹකර (ARMG) 06ක් සහ ස්ට්‍රැඩ්ල් යන්ත්‍ර (Straddle Carriers) 08ක්.

3. මාස 30ක් ඇතුළත නැවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර (STS) 03ක්, පීලි මත සවි කර ඇති අර්ධ ස්වයංක්‍රීය දොඹකර (ARMG) 14ක් සහ ස්ට්‍රැඩ්ල් යන්ත්‍ර (Straddle Carriers) 07ක්.

(v) ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික ආදායම ඇ.එ.ජ. ඩොලර් මිලියන 150ක් පමණ වේ.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks