01

E   |     |  

 දිනය: 2021-04-22   පිළිතුර ලබා දී ඇත 

0872/2021: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය: ගුරු පුරප්පාඩු

----

අසන ලද දිනය

2021-04-22

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව පහත පරිදි වේ.

                        ජාතික පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 982කි.

                        පළාත් පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 5,410කි.

              (ii)      එම සංඛ්‍යාව එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 යටතේ දක්වා ඇත.  ඇමුණුම 01 බලන්න.

(iii) ඔව්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජාතික පාසල්වල මේ වන විට සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 943කි.

එම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පළාත් පාසල්වල මේ වන විට සේවයේ නියුතු ගුරුවරුන් සංඛ්‍යාව 4,783කි.

(iv) එම පාසල්වල මේ වන විට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව, එක් එක් විෂය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 යටතේ දක්වා ඇත. ඇමුණුම 02 බලන්න. 

 

(v) සියලු පළාත්හි ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හා අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2020.11.24 දින Zoom තාක්ෂණය ඔස්සේ පළාත් ගුරු පුරප්පාඩු හා ගුරු තුලනය පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ජාතික පාසල‍් හා පළාත් පාසල් අතර ගුරු තුලනයක් සිදු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර, නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු පළාත් ආණ්ඩුකාරවරුන් ඒ සඳහා තම එකඟතාව පළ කරන ලදී. ඒ අනුව ගුරු ස්ථාන මාරුවීම් ප්‍රතිපත්තියක් සකස් කිරීමටත්, පළාත් පාසල් අතර ද, පළාත් පාසල් හා ජාතික පාසල් අතර ද, පළාත් තුළ හා පළාත් අතර ද ගුරු තුලනයක් සිදු කිරීමටත් එකඟතාව පළ විය.

තවද, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියේ ගුරු පත්වීම් ලබාදීම-2020 වැඩසටහන යටතේ 2016-2018 අධ්‍යයන වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල තුන් අවුරුදු පූර්ව සේවා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව හදාරා නිම කළ, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 3,730ක් සඳහා 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික හා පළාත් පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදෙන ලදී. එහිදී නැ‍ඟෙනහිර පාළාතේ ජාතික පාසල් සඳහා ගුරුවරුන් 133ක් හා පළාත් පාසල් සඳහා ගුරුවරුන් 412ක් යොමු කරන ලදී.

ඉහත පරිදි පුරප්පාඩු පිරවීමෙන් පසු තවදුරටත් ඉතිරි වන පුරප්පාඩු උපාධිධාරි අභ්‍යාසලාභින් ශ්‍රී ලංකා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ වැඩසටහන යටතේ පිරවීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-08-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks