01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0856/2021: ලංකා සතොස ආයතනය: අලාභ ලබන ශාඛා

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් මේ වන විට පවත්වාගෙන යන අළෙවිසැල් ශාඛා සංඛ්‍යාව 415කි.

              (ii)      වාර්ෂිකව ලාභ ලබන අළෙවිසැල් සංඛ්‍යාව 136යි. වාර්ෂිකව අලාභ ලබන අළෙවිසැල් සංඛ්‍යාව 279කි.

             (iii)      අලාභ ලබන අළෙවිසැල් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ලංකා සතොස ආයතනය මඟින් මේ වනවිට පියවර රාශියක් ගෙන ඇති අතර, එකී පියවර ඇමුණුම 01හි දක්වා ඇත.

(iv) නැත.

(v) එම අළෙවිසැල් පාඩු ලැබීමට හේතු සාධක වී ඇති කරුණු පිළිබඳව විස්තරාත්මකව අධ්‍යයනයක් කිරීම.

දැනටමත් පෞද්ගලික විගණකයන් විසින් ආයතනයේ පසුගිය වසර පහ තුළ වෝහාරික විගණනයක් - forensic audit එකක් - කරනවා.

දැනට පාඩු ලබන අළෙවිසැල්වල පිරිවැටුම ඉහළ නැංවීම සඳහා පියවර රාශියක් අරගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය කාලපරිච්ඡේදය තුළ ජනවාරි මාසයට වඩා, පෙබරවාරි, මාර්තු හා අප්‍රේල් මාසවල  අත්‍යවශ්‍ය වෙ‍ෙළඳ භාණ්ඩ 27ක් වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට ලබා දීම කරණකොටගෙන සියයට 102කින් දින තුනක් ඇතුළත අළෙවිය වර්ධනය කර ගන්න පුළුවන්කම ලැබුණා.

තවදුරටත් එම අළෙවිසැල පාඩු ලබන තත්ත්වයක පවතී නම් ඒ ගැන විශ්ලේෂණය කර එය එම ප්‍රදේශයේම වෙළඳාමට සුදුසු වෙනත් ස්ථානයකට විතැන් කරනවා. මක්නිසාද යත්, සමහර ස්ථානගත කිරීම් සම්පූර්ණ අතාර්කික පදනමක් යටතේයි කර තිබෙන්නේ.

(vi)  නව ශාඛා ආරම්භ කිරීමේදී ලංකා සතොස ආයතනය විසින් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ඇමුණුම 02හි දක්වා ඇත.

  ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

සතොස අලුත් අළෙවිසැලක් ආරම්භ කරනවා නම්, නිසි ශක්‍යතා අධ්‍යයනයක් කරලා අපත් මැදිහත් වෙලා පොලී, කුලී හා බදු ගිවිසුම් පිළිබඳ පූර්ණ වශයෙන් පරීක්ෂා කර බලා අවසන් වූවාට පසුව තමයි එය අනුමත කරන්නේ. සතොස මහ ජනයාගේ ආයතනයක් වන නිසා පාඩු නොලබන, ලාභ ලබන්න පුළුවන්, වඩා පුළුල් සේවයක් ජනතාවට කරන්න පුළුවන් ස්ථානවල තමයි අලුතින් අළෙවිසැල් ආරම්භ කරන්නේ.

(ආ)  පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks