01

E   |     |  

 දිනය: 2021-01-21   පිළිතුර ලබා දී ඇත 

0839/2021: කොවිඩ්-19 බලපෑමට ලක් වූ විදෙස්ගත ශ්‍රමිකයන්: සහන

----

අසන ලද දිනය

2021-01-21

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ රටවල් 14ක තානාපති හා කොන්සල් ජනරාල් කාර්යාල 16ක පවත්වාගෙන යනු ලබන අතර, 2021.03.30 දින වන විට එම රටවල වෙසෙන ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් අතුරින් 4,432ක ශ්‍රමික ප්‍රමාණයකට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇත. ඒ අනුව, එක් එක් රටෙහි වයිරසය ආසාදනය වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පහත පරිදි වේ.

  • · සවුදි අරාබිය;

රියාද් නගරය   35

ජෙද්දා නගරය   52

  • · එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඩුබායි 192

අබුඩාබි 150

  • · බහරේන් 232
  • · සයිප්‍රස්   40
  • · ඊශ්‍රායලය   32
  • · මැලේසියාව   20
  • · සිංගප්පූරුව   26
  • · දකුණු කොරියාව   29
  • · ලෙබනන් 190
  • · මාලදිවයින 395
  • · කුවේට් 992
  • · ඕමාන් 250
  • · කටාර්   1,792
  • · ජෝර්දාන්   05

  (ii) විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ පවත්වාගෙන යන රටවල් 14හි 2021.03.30 දින වන විට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී සුව වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව 4,071යි. එක් එක් රටවල් අනුව සුව වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

  • · සවුදි අරාබිය

රියාද් නගරය 11

ජෙද්දා නගරය 40

  • · එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඩුබායි 170

අබුඩාබි 148

  • · බහරේන් 230
  • · සයිප්‍රස්   37
  • · ඊශ්‍රායලය   31
  • · මැලේසියාව   20
  • · සිංගප්පූරුව   26
  • · දකුණු කොරියාව   18
  • · ලෙබනන් 140
  • · මාලදිවයින 393
  • · කුවේට් 937
  • · ඕමාන් 240
  • · කටාර්               1,630
  • · ජෝර්දාන්   00

(iii) විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ පවත්වාගෙන යන රටවල් 14හි 2021.03.30 දින වන විට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 122ක් වේ. එක් එක් රටවල් අනුව ආසාදනය හේතුවෙන් මිය ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

  • · සවුදි අරාබිය

රියාද් නගරය 24

ජෙද්දා නගරය 12

  • · එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඩුබායි 22

අබුඩාබි 02

  • · බහරේන් 02
  • · සයිප්‍රස් 00
  • · ඊශ්‍රායලය 01
  • · මැලේසියාව 00
  • · සිංගප්පූරුව 00
  • · දකුණු කොරියාව 00
  • · ලෙබනන් 04
  • · මාලදිවයින 00
  • · කුවේට් 36
  • · ඕමාන් 07
  • · කටාර් 09
  • · ජෝර්දාන් 03

(iv) විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ පවත්වාගෙන යන රටවල් 14හි වෙසෙන ශ්‍රමිකයන් අතුරින් 2021.03.30 දින වන විට ශ්‍රමිකයන් 56,403ක් නැවත මෙරටට පැමිණ ඇත. එක් එක් රටවල් අනුව මෙරටට පැමිණි ශ්‍රමිකයන් සංඛ්‍යා පිළිබඳ තොරතුරු ඇමුණුම 01හි දැක්වේ.

(ආ) (i) කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ පවත්වාගෙන යන රටවල් 14හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතුරින් 2021.03.30 දින වන විට ශ්‍රමිකයන් 30,832දෙනෙකු හට සිය රැකියා අහිමි වී ඇත. එක් එක් රටවල් අනුව ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු ඇමුණුම 02හි  ඉදිරිපත් කරමි.

(ii) කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඩුබායි සහ දෝහා රටවල් වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000කට අධික ප්‍රමාණයක් ගුවනින් යවා ඇත. තවද, මූලික වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ, මුව ආවරණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය, සුබසාධන කටයුතු සහ ඇතැම් අවස්ථාවල ගුවන් ටිකට් පත් සැපයීම ආදී කටයුතු සඳහා විදේශ අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 82ක මුදලක් වැයකොට ඇත. එසේම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින්ද විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ආහාර පාන, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම් වැනි සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 12කට අධික මුදලක් වැයකොට ඇත. තවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන සුබසාධක මධ්‍යස්ථාන මඟින් නිරෝධායනයට ලක්වන ශ්‍රමිකයන් සඳහා හෝටල් ගාස්තු ගෙවීම, පීසීආර් පරීක්ෂණ සඳහා ගෙවීම් කිරීම සහ විවිධ ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ගුවන් ටිකට් පත් සහන මිලට ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා නොමිලේ ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කර ඇත.

තවද, විශේෂ හදිසි ඇමතුම් අංක හඳුන්වා දීමත්, විදේශ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කොට වීසා කල් ඉකුත්වීම්වලදී දඩ ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කර ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සහ හැකි සෑම අවස්ථාවකදීම සේවා යෝජකයන් සහ අදාළ අනෙකුත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තවදුරටත් ඔවුන්ගේ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම, නව රැකියා සොයා ගැනීමට සහාය වීම හා නිසි පරිදි වැටුප් ගෙවීම පැහැර හරින ලද හාම්පුතුන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ වැටුප් ලබා දීමටත්, එකඟ නොවන අවස්ථාවලදී අවශ්‍ය නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීමත් ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදු කරමින් පවතී. එසේම, අන්තර්ජාතික කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් සඳහා වූ සංවිධානය මෙන්ම දේශීය හා විදේශීය පුණ්‍යායතන සමඟ සම්බන්ධ වෙමින් අසරණභාවයට පත් ශ්‍රමිකයන්ට සහන සැලසීමටද පියවර ගෙන ඇත. තවදුරටත් මැද පෙරදිග කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලවල පිහිටි රැඳවුම් නිවාසවල ඉඩකඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවල අතිරේක ගොඩනැඟිලි ලබා ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව, ඕමාන්, කුවේට් සහ සයිප්‍රස් යන තානාපති කාර්යාල වෙත මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත. තවද, දූත මණ්ඩලවල ඉල්ලීම අනුව අතිරේක ඉඩ ප්‍රමාණ ලබා ගැනීමට අනුමැතිය ලබා දීම තුළින් ගෘහ සේවිකාවන්හට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට උපරිම වශයෙන් කටයුතු කර ඇත.

(iii) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ, -IOM- සහභාගිත්වයෙන් පිළියෙළ කර ඇති ජාතික කොවිඩ් - 19 ප්‍රතිචාර සැලැස්මට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විගමනික පවුල්වලට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා එක් පවුලකට රු.50,000.00ක ස්වයං රැකියා උපකරණ ලබාදීමට සැලසුම් කර ඇත.

මේ වන විට කොටසකට ඒවා ලබා දීලා තිබෙනවා.

මෙහි පළමු අදියර යටතේ 2021 වසරේ පෙරළා සිය රට පැමිණි විගමනිකයන් 587කට අධාර ලබා දීමට සැලසුම් කර ඇති අතර, මේ වන විට අදාළ ආධාරලාභින් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.

මීට අමතරව තානාපති කාර්යාලවලින් ලද ඉල්ලීම් සලකා බලා එවැනි පවුල් 12ක් සඳහා රු. 10,000.00 බැගින් (ආපදා තත්ත්වය සලකා) මූල්‍ය සහන ලබා දෙන ලදී.

එමෙන්ම මෙසේ පැමිණි ශ්‍රමිකයන් වෙතින් නිරෝධායනය වෙමින් පවතින අවස්ථාවේ ලබා ගත් තොරතුරු අනුව මෙරට රැකියාවක් සිදු කිරීමට සහ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට එකඟතාව පළ කරන ලද නැවත පැමිණි ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් පවතී.

(iv) විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ කම්කරු සුබසාධන අංශ පවත්වාගෙන යන රටවල් 14හි කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් විපතට පත් ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ආහාර පාන සඳහා රුපියල් මිලියන 11.5ක්ද, තාවකාලික නවාතැන් පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1.9ක්ද ඇතුළුව රුපියල් මිලියන 13.5කට ආසන්න මුදලක් ලබා දී ඇත. එක් එක් රටවල් අනුව ලබා දී ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ විස්තර ඇමුණුම 03හි දැක්වේ.

(ඇ) පැන නොනඟී.

ඇමුණුම 01, 02, 03, සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks