පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-06-25
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සියඹලන්ගමුව ප්‍රදේශයේ පිහිටා ඇති ගොඩනැඟිල්ල වකුගඩු රෝගවලට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස යොදවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවට පළාත් බලධාරින් විසින් තීරණය කර ඇත. නමුත් පළාත් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව ඉදිරියේදී මෙම මධ්‍යස්ථානය, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් - Primary Medical Care Unit එකක් - බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.
(ii) මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇති පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලන්ගමුව ග්‍රාම නිලධාරි වසමේ වකුගඩු රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇත. සියඹලන්ගමුව ග්‍රාම නිලධාරි වසම ඇතුළුව සමස්ත පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වකුගඩු රෝගීන් 770ක් වාර්තා වී ඇත. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වකුගඩු රෝගීන් 459ක් වාර්තා වී ඇත.
(iii) සියඹලන්ගමුව ප්‍රදේශයේ රෝගීන්ට පොල්පිතිගම මූලික රෝහල හා නිකවැව රෝහලෙහි වකුගඩු සායන ස්ථාපිත කර ඇත. තවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ සේවාව ලබා දීමට කටයුතු කර ඇත. මෙම ප්‍රදේශයේ රෝගීන් ආසන්න රෝහල්වලින් ඖෂධ ප්‍රතිකාර සහ රුධිර කාන්දු කරන ප්‍රතිකාර ලබා ගනී. ආසන්න රෝහල්වලට ඇති දුර හා ලබා දෙන සේවා පහත දැක්වේ.
සියඹලන්ගමුව ප්‍රදේශයේ සිට ආසන්න රෝහල්වලට ඇති දුර ප්‍රමාණය:
|
රෝහල |
සියඹලන්ගමුව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ සිට ඇති දුර |
|
තලාව ප්‍රාථමික සත්කාර ඒකකය |
2 km |
|
නිකවැව ප්‍රාදේශීය රෝහල |
7 km |
|
පොල්පිතිගම මූලික රෝහල |
18 km |
|
ගල්ගමුව මූලික රෝහල |
20 km |
|
තඹුත්තේගම මූලික රෝහල |
27 km |
වකුගඩු රෝගීන්හට ලබා දෙන සේවාවන්:
|
රෝහල |
රුධිර කාන්දු කරණ යන්ත්‍ර සංඛ්‍යාව |
දිනකට සිදු කරන රුධිර කාන්දුකරණ වාර සංඛ්‍යාව |
|
පොල්පිතිගම මූලික රෝහල |
4 |
3 |
|
ගල්ගමුව මූලික රෝහල |
5 |
3 |
|
තඹුත්තේගම මූලික රෝහල |
6 |
3 |
(ආ) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks