පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
783/2020
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 1989–1990 කාල සීමාව තුළ රජයේ ගුරු සේවයට බඳවාගනු ලැබූ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට එම ගුරුවරුන් විශ්‍රාම යාමේ අවධියට ආසන්නව සිටින බවත්;
(ii) එම ගුරුවරු විශ්‍රාම යෑමත් සමඟ ගුරු සේවයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති වන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) මෙම තත්ත්වය තුලනය කර ගැනීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-23
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) වර්ෂ 1989 - 1990 කාල සීමාව තුළදී රජයේ ගුරු සේවයට බඳවා ගනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව මඟින් දිස්ත්‍රික් සේවා ක්‍රමය යටතේය.
එම ගුරුවරුන්ට පත්වීම් ලබා දී ඇත්තේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ මඟිනි. පසු ගිය වසර හතක පමණ සංගණන වාර්තාවල ඇතුළත් ගුරුවරුන්ගේ පත්වීම් වර්ෂ අධ්‍යයනයෙන් 1989 - 1990 කාලසීමාව තුළ බඳවා ගත් ගුරුවරු සංඛ්‍යාව 37,000ක් පමණ වන බව නිරීක්ෂණය වේ.
(ආ) (i) ඔව්.
එම කාල සීමාව තුළදී රජයේ ගුරු සේවයට බඳවා ගනු ලැබූ ගුරුවරුන්ගේ යම් සංඛ්‍යාවක් මේ වන විට විශ්‍රාම යෑමට ආසන්නව සේවයේ නිරත වේ.
(ii) ගුරුවරු විශ්‍රාම යෑමත් සමඟ ඇති වන පුරප්පාඩු තුලනය කර ගැනීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග පහත (ඇ) ප්‍රශ්නය යටතේ ඉදිරිපත් කර ඇත.
අමාත්‍යාංශය ගනු ලබන එම ක්‍රියාමාර්ග මඟින් මෙම ගුරුවරු විශ්‍රාම යෑම මඟින් ගැටලුවක් ඇති නොවේ.
(ඇ) මෙම තත්ත්වය තුලනය කර ගැනීම සඳහා පවතින අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ගුරු හිඟය මඟ හරවා ගනිමින් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීමට අදාළව 2020.09.30 දිනැතිව ඉදිරිපත් කරන ලද ED/EST/20/42 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය හා ඊට අදාළ අංක 20/1703/340/004 හා 2020.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බඳවා ගැනීමේ ක්‍රමවේදය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව සමස්ත පද්ධතිය තුළ පවත්නා ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමටත් නියමිතය.
තවද, මීට අමතරව මෙම වසර අවසානයේ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරින්ගෙන් පුරප්පාඩු 4,000ක් පමණ සම්පූර්ණ කිරීමට නියමිතව පවතී.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks