01

E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

0778/2021: Granting Lands for resettlement purposes in Mannar

778/2020

ගරු කේ. කාදර් මස්තාන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා අහත්තිමුරිප්පු අලක්කට්ටු ගම්මානයේ පිහිටා ඇති ඉඩම වෙන් කර ඒ සඳහා වන බලපත්‍ර, එවකට අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ පවුල්වලට 2014.10.12 වන දින කිළිනොච්චියේදී ලබා දුන් බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අංක NP/28/04/03/169 හා 2013.07.02 දිනැති ලිපියට අනුව, සකස් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව කොපමණද; 

(ii) එම බලපත්‍රලාභින්ගේ නම් කවරේද;

(iii) ඔවුන් අතරින් මේ වනවිට බලපත්‍ර ලබාදී ඇති සංඛ්‍යාව කොපමණද;

(iv) ඉහත (iii) හි සඳහන් බලපත්‍රලාභින් අතරින් මේ වනවිට ඉඩම් ලැබී ඇති බලපත්‍රලාභින්  සංඛ්‍යාව කොපමණද;

(v) මේ වනතෙක් ඉඩම් ලැබී නොමැති බලපත්‍රලාභින්ට ඉඩම් ලබා දෙන දිනය කවරේද;

(vi) ඉඩම් බලපත්‍ර ලබා දීමේදී ප්‍රමාදයන් ඇති වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       දනිමි.

(ආ)          (i)      1,155.

              (ii)      ඇමුණුමෙහි** දක්වා ඇත.

              (iii)      838.

              (iv)      720.

               (v)      නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.

              (vi)      නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා මෙම ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් පවත්වමින් තිබීම.

(ඇ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks