පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
775/2020
ගරු කිංස් නෙල්සන් මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කඳුරුවෙල නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට කුඹුරු සහ ගොඩ ඉඩම් රජයට පවරාගෙන තිබේද;
(ii) එසේ නම්, එම කුඹුරු සහ ගොඩ ඉඩම් ප්‍රමාණය, හිමිකරුවන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පවරාගත් ඉඩම් වෙනුවෙන් වන්දි ලබා දී තිබේද;
(ii) එසේ නම්, එක් එක් පුද්ගලයාට ගෙවන ලද වන්දි මුදල, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන මාර්ගය දෙපස සම්පූර්ණයෙන්, අර්ධ වශයෙන් හෝ කොටසක් පමණක් කඩා ඉවත් කළ ව්‍යාපාරික ස්ථාන තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම හිමිකරුවන් සඳහා රජයෙන් වන්දි ලබා දී තිබේද;
(iv) එසේ නම්, එක් එක් පුද්ගලයාට ගෙවන ලද වන්දි මුදල, ඔවුන්ගේ නම් සහ ලිපිනයන් වෙන් වෙන් වශයන් සඳහන් කරන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්. ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් විසින් ඉදිරිපත් කරන ලද එක් එක් ඉඩම් කොටස සඳහා හිමිකම් කියන්නන්ගේ නම, ලිපිනය සහ ඉඩම් ප්‍රමාණය සහිතව වාර්තාව ඇමුණුම් 02* ලෙස ඉදිරිපත් කරමි.
(ආ) (i) ඔව්, මුළු ඉඩම් කැබලි ගණන වන ඉඩම් කැබලි 02ක් සඳහා වන වන්දි මුදලින් කොටසක් ගෙවා ඇත.
(ii) ඇමුණුම 03 බලන්න.
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
ඇමුණුම් අංක 02 සහ 03 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2021-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks