02

E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0772/2021: කොළඹ නගරයේ ජාතික පාසල්: පළමු ශ්‍රේණියට බඳවාගැනීමේ ක්‍රියාවලිය

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       කොළඹ නාගරික සීමාව තුළ පිහිටි ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට අඩු පහසුකම් සහිත නාගරික ළමුන්ට නොහැකි නොවේ. ඒ කියන්නේ, පුළුවන් කියන එකයි. බාධාවක් නැහැ.

(ආ)         (i)      කොළඹ නාගරික සීමාව තුළ ජාතික පාසල් 21ක් පිහිටා ඇති අතර ඒවායේ නම් ඇමුණුම 01 ලෙස මම ඉදිරිපත් කරනවා.

              (ii)      ආගමික හා ආගමික නොවන ලෙස වර්ගීකරණය අදාළ පාසල් අනුව හා 1960 අංක 08 දරන උපකෘත පාසල් පනත යටතේ රජයට පවරන ලද පාසල්වල එම අවස්ථාවේ පැවැති ආගමික සංයුතිය අනුව තීරණය වී ඇත.

(iii) 2020 වර්ෂයට අදාළ අධ්‍යයන මාධ්‍ය අනුව වෙන්ව ඇති පාසල් සංඛ්‍යාව හා සිංහල හා දෙමළ මාධ්‍ය වශයෙන් වෙන්කර ඇති පන්ති සංඛ්‍යාව ඇමුණුම 02 වශයෙන් දක්වා ඇත.

(iv) කොළඹ නගර සීමාව තුළ පවතින ත්‍රෛභාෂා පාසල්වල 1 සිට 5 වසර දක්වා දෙමළ මාධ්‍ය පන්තිවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව ඇමුණුම 03 වශයෙන් දක්වා ඇත.

(v) ඔව්.

භාෂා මාධ්‍ය, ජාතිය හා ආගම පදනම් කරගනිමින් එක් එක් පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඇමුණුම 04 යටතේ දක්වා ඇත. 

(ඇ) (i) ඔව්.

(ii) වර්තමානයේ ක්‍රියාත්මක වන පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අනුව පාසලට ඇතුළත් කර ගන්නා මුළු සිසුන් අතරින් සියයට 50ක සිසුන් සංඛ්‍යාවක් ආසන්නතා පදනමින් බඳවා ගනු ලබන අතර, මෙහිදී ආසන්න පදිංචිකරුවන් සඳහා වැඩි අවස්ථාවක් මේ වනවිටත් ලබා දී ඇත. ඒක දැනටමත් පවතින තත්ත්වයයි.

තවද, 1960 අංක 08 දරන උපකෘත පාසල් පනත යටතේ රජයට පවරන ලද පාසල්වල එම අවස්ථාවේ පැවති ආගමික සංයුතිය අනුව දරුවන් ඇතුළත් කිරීම සිදුකරන නමුත් සමාජ පසුබිම් අනුව වර්ගීකරණය නොවේ.

(ඈ) අදාළ නොවේ.

  ඇමුණුම 01, 02, 03, 04  සභාගත* කරමි.

 

 

—————————

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks