පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-05
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම සඳහා සිදු කළ යුතු එක් ක්‍රමෝපායක් වන අතර, එය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ.
අධ්‍යාපන ක්‍රියාවලියේ හා කළමනාකරණයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගණනාවක් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අනුගමනය කළ යුතුය.
(ආ) (i) මේ වන විට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 373කි.
(ii) එකදු ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 125කි.
(iii) ඔව්.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති නිර්දේශ අනුව ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ, දැනට ක්‍රියාත්මක වන ජාතික පාසල් 373ට අමතරව, පවත්නා පාසල් අතරින් නිර්ණායක මත තෝරා ගැනීමෙන් එම සංඛ්‍යාව දහසක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.
(iv) ඔව්.
"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති නිර්දේශවලට අනුගත වෙමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා සම සාධාරණ අධ්‍යාපන අවස්ථා සැපයීම තහවුරු වන පරිදි පාසල් සිතියම්කරණ අභ්‍යාසයක් හරහා ජාතික ප්‍රතිමාන හා නිර්ණායකවලට අනුව ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කරමින් දැනට එක් ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125ක් සඳහා අවම වශයෙන් එක් ජාතික පාසලක් හෝ ඇතුළත් වන පරිදි ජාතික පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
යෝජිත ජාතික පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පාසල් හඳුනා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අධ්‍යාපන ලේකම්ගේ අංක 03/2020 හා 2020 ජනවාරි 01 දාතම චක්‍රලේඛය ඇමුණුමෙහි දක්වා ඇත.
එම ඇමුණුම සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks