පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
762/2020
ගරු වඩිවේල් සුරේෂ් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි වතු ආශ්‍රිත රෝහල් සංඛ්‍යාව;
(ii) ඒ අතරින් රජයට පවරාගෙන සංවර්ධනය කර ඇති වතු රෝහල් සංඛ්‍යාව;
(iii) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින වතු රෝහල් සංඛ්‍යාව;
(iv) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින වතු රෝහල් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට රජයට පවරාගෙන ඇති වතු රෝහල් සඳහා වෛද්‍යවරු, සෙසු කාර්ය මණ්ඩල සහ වෛද්‍ය උපකරණ ඇතුළු පහසුකම් සපයා තිබේද;
(ii) මෙම වතු රෝහල් සඳහා ගිලන් රථ ලබා දීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින හා නොපවතින වතු රෝහල් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) සියලුම වතු රෝහල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-07
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 95
(ii) 19
(iii) 18
(iv) 01
(ආ) (i) ඔව්.
(ii) ක්‍රියාත්මක තත්ත්වයේ පවතින රෝහල් 18න් 08ක් නේවාසික පහසුකම් සහිත ප්‍රාදේශීය රෝහල් බැවින් එම රෝහල් සඳහා ගිලන්රථ පහසුකම් මේ වන විට ලබා දී ඇත.
ඉතිරි රෝහල් 10 තුළ බාහිර රෝගි අංශය හා සායනික කටයුතු පමණක් පවත්වා ගෙන යන අතර, ඒ සඳහා ගිලන්රථ ලබා දී නොමැත.
(ඇ) (i) ක්‍රියාත්මක රෝහල් සඳහා පවතින මුදල් ප්‍රතිපාදන මත තවදුරටත් සංවර්ධන කටයුතු කරමින් පවතී.
දැනට ක්‍රියාත්මක නොවන උඩවේරිය වතු රෝහල නායයෑමේ අවදානමකට ලක්ව ඇති හෙයින්, එම රෝහල ස්ථාපනය කිරීමට විකල්ප ස්ථානයක් හඳුනාගෙන ආසියානු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම සිදු කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ.
පවරා ගැනීමට යෝජිත වතු සෞඛ්‍ය ආයතන 76 රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනු ලබයි.
(ii) සියලු වතු සෞඛ්‍ය ආයතන විධිමත්ව රජයට පවරා ගැනීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ මූලික පියවරක් ලෙස අවශ්‍ය තොරතුරු එක් රැස් කර ඇත. මෙම වතු ආශ්‍රිත සෞඛ්‍ය ආයතන වතු සමාගම් යටතේ පවතින නිසා ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව සංවර්ධනය කිරීමට නෛතික බාධාවක් පවතී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks