පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
745/2020
ගරු ඉෂාක් රහුමාන් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගල්නෑව පොලිස් ස්ථානය ආරම්භ කරන ලද දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම පොලිස් ස්ථානය සහ ඊට අයත් නිල නිවාස අබලන් තත්ත්වයක පවතින බවත්;
(ii) ආරම්භ කරන ලද දින සිට මේ වනතෙක් එම ගොඩනැගිලි ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියා කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) එම පොලිස් ස්ථානය සහ ඊට අයත් නිල නිවාස අලුත්වැඩියා කරනු ලබන දිනය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-03-24
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) 1982.09.17 දින ආරම්භ කර ඇත.
(ආ) (i) පොලිස් ස්ථානයේ ගොඩනැඟිලිවල සුළු අලුත්වැඩියා කිරීම් සිදු කර පොලිස් ස්ථානය පවත්වාගෙන යනු ලබයි.
(ii) එම ගොඩනැඟිල්ලේ පූර්ණ අලුත්වැඩියාවක් සිදු කිරීම සඳහා මේ වන විටත් දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගේ අධීක්ෂණයෙන් රුපියල් 7,048,473.27ක වටිනාකමකින් යුත් ඇස්තමේන්තුවක් සකස් කර ඊට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.
(ඇ) අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් වූ වහාම අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-12-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks