පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
716/2020 ගරු යදාමිණී ගුණවර්ධන මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව එතුමා දන්නෙහිද? (ආ) එසේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන්ද ලබා දීමට කටයුතු කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-06
අසන ලද්දේ
ගරු යදාමිණී ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්. මේ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විමසා ඇති අතර, එයට ලැබී ඇති පිළිතුර අනුව අදාළ නඩු තීන්දු විනිසුරුතුමන්ලා විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ලබා දෙන බවට දන්වා එවා ඇත.
(ආ) දැනට ඇති භාෂා පරිවර්තන ගැටලු හා තාක්ෂණික පහසුකම් අනුව ප්‍රායෝගිකව මේ අවස්ථාවේ අදාළ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබාදීමට අපහසු බව පෙනෙයි. එසේ වුවද, ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් අධිකරණ ස්වයංක්‍රීයකරණ - Court automation - ක්‍රියාවලිය හඳුන්වාදීම මඟින් මෙයට විසඳුමක් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙමි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks