01

E   |     |  

 දිනය: 2020-12-02   පිළිතුර ලබා දී ඇත 

0610/2020: කුලියාපිටිය ශික්ෂණ රෝහල: මහාචාර්ය ඒකකයක්

610/2020 ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති බව එතුමිය දන්නෙහිද? (ආ) (i) එම රෝහල ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ සායනික පුහුණුවීම් සඳහා යොදාගැනීමට කටයුතු කරන්නේද; (ii) මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව දන්නේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා කුලියාපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධව මහාචාර්ය ඒකකයක් පිහිටුවා තිබේද; (ii) එම ඒකකය කුලියාපිටිය රෝහලේ ස්ථාපනය කිරීමට කටයුතු කරන්නේද; යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-02

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           කුලියාපිටිය මූලික රෝහල 2019.04.02 දිනැති අංක 2117/12 දරන ගැසට් නිවේදනය මඟින් ශික්ෂණ‍ රෝහලක් ලෙස උසස් කර ඇත.

(ආ)         (i)      ඔව්.

              (ii)      ඔව්.

(ඇ)         (i)      ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා කුලියාපිටිය ශික්ෂණ රෝහල සම්බන්ධ මහාචාර්ය ඒකකය මේ වන විට පිහිටුවා නැත.

(ii) නැත.

(ඈ) විශේෂඥ ඒකක රාශියක් දැනටමත් ස්ථාපනය වී ඇති සහ රෝගින් රාශියකට ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව පවතින කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම මහාචාර්ය ඒකකය පිහිටුවනු ලැබේ.

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks