පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
608/2020 ගරු ගයන්ත කරුණාතිලක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) රජයේ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරනු ලබන්නේද; (ii) එම නිවාස සම්බන්ධයෙන් ප්‍රමිතියක් තිබේද; (iii) එසේ ප්‍රමිතියට අනුකූල නොවන වැඩිහිටි නිවාස නවීකරණය කිරීම සඳහා පියවර ගනු ලබන්නේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක් එක් වැඩිහිටි නිවාස අතරින් රජය, පුද්ගලික අංශය සහ රජය හා පුද්ගලික අංශය ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-06
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් විසින් ඔවුන්ට අයත් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති සෑම වැඩිහිටි නිවාසයක්ම මාස තුනකට වරක් ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනු ලබයි. එහිදී ගිණුම් වාර්තා, ලේඛන, සනීපාරක්ෂාව, ප්‍රවේශය ආදී කටයුතු අධීක්ෂණය කරනු ලැබේ.
(ii) ඔව්.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කර ඇති වැඩිහිටි උවටැන් නිවාස සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිතිය (ශ්‍රී ලංකා ප්‍රමිතිය 1506 : 2015)
(iii) ඔව්.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය 2019 වර්ෂයේ සිට වැඩිහිටි සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ශ්‍රී ලංකාව පුරා පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස ශ්‍රී ලංකා ප්‍රමිතිය 1506:2006ට අනුකූලව ප්‍රමිතිගත කිරීම වෙනුවෙන් වැඩිහිටි නිවාසයන්හි පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන දෙකක (රු.2,000,000.00) මූල්‍යාධාර ලබා දෙනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
(ආ) ඔව්.
|
රජයේ වැඩිහිටි නිවාස |
06 |
|
පෞද්ගලික අංශයේ වැඩිහිටි නිවාස |
334 |
|
රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩිහිටි නිවාස |
00 |
|
එකතුව |
340 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-11-30
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks