පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-11
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) නාගදීප රෝහල සඳහා ස්ථිර වෛද්‍ය නිලධාරියෙකු පත් කිරීම සඳහා වන පුරප්පාඩුව පශ්චාත් සීමාවාසික පත්වීම් යටතේ ප්‍රකාශයට පත් කර ඇති නමුත් ඒ සඳහා කිසිදු වෛද්‍ය නිලධාරියෙකු අයදුම් කර නැත. දැනට කොන්ත්‍රාත් පදනම මත ලියා පදිංචි වෛද්‍ය නිලධාරියෙකු සේවය සපයනු ලබයි. කෙසේ වෙතත් දැනට පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරින්ට රාජ්‍ය සේවයේ පත්වීම් ලබාදීමේ කටයුතු 2021.03.31 දිනය ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, එම පත්වීම් මඟින් නාගදීප රෝහලේ වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු යොදා ඇත.
(ඇ) (i) පැන නොනඟී.
(ii) නාගදීප රෝහල සඳහා අනුමත කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
|
අංකය |
තනතුර |
අනුමත සේවක සංඛ්‍යාව |
|
1 |
වෛද්‍ය නිලධාරි |
2 |
|
2 |
දන්ත ශල්‍ය වෛද්‍ය |
1 |
|
3 |
පවුල් සෞඛ්‍ය |
1 |
|
4 |
ඖෂධ සංයෝජක |
1 |
|
5 |
රියැදුරු |
1 |
|
6 |
උපස්ථායක |
6 |
|
7 |
සහායක (කනිෂ්ඨ) |
6 |
|
8 |
සහායක (සාමාන්‍ය) |
2 |
|
9 |
මුරකරු |
1 |
(iii) පැන නොනඟී.
Cadre එකේ අනුමත වෛද්‍ය නිලධාරි තනතුරු දෙකක් තිබුණත්, දැනට පත් කර නැහැ. එම නිසා වෛද්‍ය නිලධාරි පුරප්පාඩු දෙකක් තිබෙනවා. දන්ත ශල්‍ය වෛද්‍ය පුරප්පාඩු නැහැ. පවුල් සෞඛ්‍ය පුරප්පාඩු නැහැ. ඖෂධ සංයෝජක පුරප්පාඩු නැහැ. රියැදුරු පුරප්පාඩු නැහැ. උපස්ථායක පුරප්පාඩු නැහැ. හැබැයි, සහායක (කනිෂ්ඨ) 6දෙනාගෙන් 4දෙනකු පමණයි ඉන්නේ. සහායක (සාමාන්‍ය) දෙදෙනාගෙන් එක්කෙනායි ඉන්නේ. මුරකරුවෙක් නැහැ.
වෛද්‍ය නිලධාරි පුරප්පාඩු පිරවීමේදී, පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම ලබා දෙනකොට advertise කරලා එකී පුරප්පාඩු පුරවනවා. කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමේ කටයුත්ත භාණ්ඩාගාරය දැනට තාවකාලිකව නවත්වා තිබෙනවා. අදාළ අනුමැතිය ලබාගත් වහාම ඒ පුරප්පාඩු පිරවීමට හැකියාව තිබෙන බව බොහොම ගෞරවයෙන් දන්වනවා.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks