පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
1992 වසරේ දී කළමනාකරණය සඳහා පමණක් තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත කළමනාකරණ ගිවිසුම් යටතේ මහා පරිමාණ වතු ලබාදී තිබූ අතර, වර්ෂ 1995න් පසුව පෞද්ගලීකරණයේදී මෙම වතු 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත අනුව පිහිටුවන ලද පෞද්ගලික සමාගම් වෙත (සාංගමික සංස්ථා පත්‍රයක් සහ සාංගමික ව්‍යවස්ථාවකට යටත්ව) වසර 53ක කාලයක් සඳහා, එනම් 2045 වර්ෂය දක්වා (ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින්) බදු පදනම මත ගිවිසුම් යටතේ ලබාදී ඇත.
(ii) එවකට තෝරාගත් පෞද්ගලික සමාගම් 20ක් හා රජයේ සමාගම් 03ක් ලෙස රජයේ වතු බදු දී ඇත.
(iii) මහා පරිමාණ වතු ලබාදුන් පෞද්ගලික සමාගම්වල කොටස්, කොටස් වෙළෙඳ පොළේ පවතින අතර එහි සිදුවන ක්‍රියාකාරකම් අනුව එම සමාගම්වල කොටස් හිමියන් හා කළමනාකාරිත්වය විටින් විට වෙනස් වී ඇතත්, එම පෞද්ගලික සමාගම්වල බදු අයිතිය එම සමාගම් වෙතම තවදුරටත් පවතින අතර, වටවල වැවිලි සමාගම යටතේ පැවැති වතු 23න් හෙක්ටෙයාර 7,405ක ඉඩම් ප්‍රමාණයක් සහිත වතු 17ක්, අලුතින් බිහිවූ 24 වන පෞද්ගලික වැවිලි සමාගම වන හැටන් වැවිලි සමාගම වෙත 2019.10.16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් කළමනාකරණය හුවමාරු වී ඇත.
(ආ) (i)
පෞද්ගලික වැවිලි සමාගම්
1. අගලවත්ත වැවිලි සමාගම
2. ආගරපතන වැවිලි සමාගම
3. බලංගොඩ වැවිලි සමාගම
4. බොගවන්තලාව වැවිලි සමාගම
5. ඇල්පිටිය වැවිලි සමාගම
6. හපුගස්තැන්න වැවිලි සමාගම
7. හොරණ වැවිලි සමාගම
8. කහවත්ත වැවිලි සමාගම
9. කෑගල්ල වැවිලි සමාගම
10. කැලණිවැලි වැවිලි සමාගම
11. කොටගල වැවිලි සමාගම
12. මඩුල්සිම වැවිලි සමාගම
13. මල්වත්ත වැලි වැවිලි සමාගම
14. මස්කෙළිය වැවිලි සමාගම
15. මතුරට වැවිලි සමාගම
16. නමුණුකුල වැවිලි සමාගම
17. පුස්සැල්ලාව වැවිලි සමාගම
18. තලවකැලේ වැවිලි සමාගම
19. උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම
20. වටවල වැවිලි සමාගම
රජයේ වැවිලි සමාගම්
1. ඇල්කඩුව වැවිලි සමාගම
2. කුරුණෑගල වැවිලි සමාගම
3. හලාවත වැවිලි සමාගම
සමස්ත වැවිලි සමාගම් ගණන 23කි.
(ii) 1992 වර්ෂයේ පැවැති සමාගම් මේ දක්වා ද එසේම පවතින අතර, වටවල වැවිලි සමාගම යටතේ පැවැති වතු 23න් 17ක් අලුතින් බිහිවූ 24වන පෞද්ගලික වැවිලි සමාගම වන හැටන් වැවිලි සමාගම වෙත කළමනාකරණය හුවමාරු වී ඇත.
(ඇ) (i) ඔව්.
1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි 1995/1996 වර්ෂවලදී අත්සන් කරන ලද බදු ගිවිසුම්වල 4 (a) වගන්තිය ප්‍රකාරව, වැවිලි සමාගම් වෙත උපබදු ලබාදීමේ අයිතිය ලබා දී ඇත. ඒ අනුව තෙවන පාර්ශ්වයකට උප බදුදීමේ හැකියාව පවතී. එසේම, උප බදුදීම් සඳහා මෙම වතුවල ස්වර්ණමය කොටස් හිමිකරු වන මහා භාණ්ඩාගාරයේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වැවිලි සමාගම්වලට මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැක. උදාහරණයක් ලෙස, බොගවන්තලාව වැවිලි සමාගම යටතේ පැවැති වතු 28න් හෙක්ටෙයාර 7,761ක ඉඩම් ප්‍රමාණයක් සහිත වතු 13ක් ලලාන් රබර්ස් පුද්ගලික සමාගම වෙත 2009.11.11 දින අමාත්‍ය මණ්ඩල තීරණයෙන් හා උක්ත සඳහන් අනුමැතියට අනුකූලව උපබදු දී ඇත.
(ii) උක්ත (i)හි පිළිතුර මෙයට ද අදාළ වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-02-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks