01

E   |     |  

 දිනය: 2021-09-24   පිළිතුර ලබා දී ඇත 

0569/2021: 2015-2020 දක්වා ගොඩබාන ලද ඛනිජ තෙල් තොග: ප්‍රමාද ගාස්තු

----

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඇමුණුමෙහි** වගුව (01) මඟින් දක්වා ඇත.

              (ii)      ඇමුණුමෙහි** වගුව (02) මඟින් දක්වා ඇත.

              (iii)       1.        සෑම සතියකටම වරක් රැස්වන තොග සමාලෝචන කමිටුවේදී පවත්වා තොග මට්ටම්, ගබඩා ධාරිතාව හා ඉදිරි ඉල්ලුවේ පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින් ඊළඟ නැව් තොගය වරායට ළඟාවිය යුතු දින සැලසුම් කිරීම, නිශ්චිත දිනයන්හි ගොඩබෑමට අදාළ විධි විධාන යෙදීම හා එය පිළිබඳ පසුවිපරම් කිරීම.

2. තෙල් බාගත නළ හා බෝයාවේ අවශ්‍ය නඩත්තු සිදුකරමින් සුදුසු තත්ත්වයේ පවත්වා ගැනීම.

3. පවතින ටැංකි ප්‍රමාණය හා ඒවායේ ධාරිතාව  වැඩි කිරීමට කටයුතු යෙදීම.

4. යල් පැන ගිය නළ පද්ධතිය වෙනුවට නව නළ පද්ධතියක් ඉදි කිරීමට පියවර ගැනීම හා එතෙක් දැනට භාවිතා කරන ලද නළ පද්ධති අලුත්වැඩියා කිරීම සඳහා කටයුතු කිරීමෙන් සම්මත කාල පරාසයන් තුළ ඛනිජ තෙල් තොග ගොඩ බෑමට විධිවිධාන යෙදීම.

5. ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රසම්පාදනයට අදාළ ලංසු ලේඛනයන්හි ප්‍රමාදයන් අවම වන පරිදි හා සිදුවිය හැකි ප්‍රමාදයන් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැරීමට සිදුවන වියදම් අවම වන කොන්දේසි ඇතුළත් කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks