පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
567/2020 ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) මිනිස් සමේ පැහැය වෙනස් කරන / පැහැපත් කිරීමේ (සුදු පැහැගැන්වීමේ) ඖෂධ, පෙති, එන්නත් හා ආලේපන විශාල වශයෙන් ශ්‍රී ලංකාව තුළ අලෙවි කරමින් පවතින බව එතුමිය දන්නෙහිද? (ආ) (i) එසේ අලෙවි කරන ඖෂධ අතරින් ආනයනය කරනු ලබන ඖෂධ සම්බන්ධයෙන් නියාමනය සිදු කරන ආයතනය; (ii) එම නිගමනයට අදාළ නීතිය; කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එම ඖෂධ නියම කිරීම සිදු කරන බොහෝ දෙනෙකුට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොමැති බව පිළිගන්නේද; (ii) එම ඖෂධ භාවිතයෙන් කෙටි කාලීනව විවිධ ආසාත්මිකතා ඇති වන බව වාර්තා වී තිබේද; (iii) ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස දිගුකාලීනව භයානක රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බවට පළ වන වෛද්‍ය මතයන් පිළිබඳව අවධානය යොමු කර තිබේද; (iv) එසේ නම්, එහිදී අනාවරණය වූ කරුණු කවරේද; යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) එම ඖෂධ භාවිතයෙන් අහිතකර ප්‍රතිඵල ජනිත වේ නම්, එය වැළැක්විය යුතු බව පිළිගන්නේද; (ii) එසේ නම්, ඒ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-12-10
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) 1. ජාතික ඖෂධ නියාමන අධිකාරිය
2. ආයුර්වේද දෙපාර්තමේන්තුව
3. 1973 ඖෂධාගාර නියෝග මාලා යටතේ පත් කරනු ලබන සූත්‍ර කමිටුව (Formulary Committee)
(ii) එම නියාමනයට අදාළ නීති
1. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන පනත
2. 1980 අංක 27 දරන විලවුන් උපකරණ සහ ඖෂධ නියාමන පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග
3. 1961 අංක 31 දරන ආයුර්වේද පනත
4. 1973 ඖෂධාගාර නියෝග මාලාව
(ඇ) (i) මෙම නිෂ්පාදන ඖෂධ ලෙස වර්ග නොකරනු ලැබේ. එම නිසා ඒවා නියම කිරීම සිදු කරන්නේ වෛද්‍යවරුන් විසින් නොවේ. ජනමාධ්‍ය මඟින් ලබා දෙන පුළුල් ප්‍රචාරය මඟින් ද රූප ලාවණ්‍ය ආයතන මඟින් ද කරන දිරිමත් කිරීම් මඟින් ද පාරිභෝගිකයන් මේවා කෙරෙහි පොළඹවන බව පෙනෙන්නට තිබේ.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) මෙම නිෂ්පාදනවල ආරක්ෂා සහිතභාවය පිළිබඳ ප්‍රමාණවත් තරම් විද්‍යාත්මක තොරතුරු නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එම නිසා මෙබඳු නිෂ්පාදන භාවිතයේ ප්‍රථිඵලයක් ලෙස බරපතළ තත්ත්වයන් ඇති විය හැකි බවට පළ කරන මත බැහැර කළ නොහැක.
(ඈ) (i) ඔව්.
(ii) 1. කාන්තාවන් තුළ ස්වභාවයෙන්ම පවතින රූප ලාවණ්‍ය වැඩි දියුණු කරගැනීමේ දැඩි කැමැත්ත සියුම් ලෙස භාවිත කරමින් ජනමාධ්‍ය මඟින් මෙබඳු නිෂ්පාදන පිළිබඳව පුළුල් ප්‍රවර්ධනයක් සිදු කරනු ලබයි. එම නිසා අනෙකුත් නියාමන කටයුතු කරගෙන යන අතරම, මේවායේ භාවිතය සහ එයින් ඇති වන අහිතකර ප්‍රතිඵල සම්බන්ධව මහ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
2. සූත්‍ර කමිටුව (Formulary Committee) මඟින් අනුමත කර ලියා පදිංචිය ලබා දෙනු ලබන නිෂ්පාදන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණ දැන්වීම් සඳහා අනුමැතිය ලබාගත යුතුය. එසේ අනුමැතිය නොමැතිව ප්‍රචාරණ කටයුතු සිදු නොකරන ලෙසට වූ කොන්දේසි ලියා පදිංචිය ලබා දීමේදී සහතික පත්‍රයට ඇතුළත් කර ඇත.
3. ඖෂධ නියාමන පනතේ නව නීති රීති වැඩි දියුණු කිරීම සහ රෙගුලාසි පැනවීම දැනට සිදු වෙමින් පවතී.
4. විලවුන් නියාමනය, ඖෂධ නියාමන අධිකාරි පනත යටතට ඇතුළත් නොවන නිසා නව පනතක් සකසමින් පවතින අතර එම කෙටුම්පත අවසාන අවස්ථාවේ පවතී.
5. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 77 වගන්ති ප්‍රකාරව ආයුර්වේද නීති සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින අතර එම කෙටුම්පත මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත. එමඟින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර, ගබඩා වෙළඳ සැල් හා ඖෂධ (නිෂ්පාදන) විධිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks