01

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0562/2021: කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෞරාණික රාජධානි: සංචාරක සිතියමට ඇතුළත් කිරීම

562/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ යුතු බවත්; 

            (ii)      දේශිය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ජාතික උරුමයන් උපයෝගී කරගත යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද? 

(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි  රාජධානි 4 සංචාරක කටයුතු සඳහා යොදා ගැනීමට මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කර තිබේද; 

(ii) දඹදෙණිය රජමහා විහාරය හා දඹදෙණිය රාජධානිය සංචාරක සිතියමට ඇතුළත් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අනිවාර්යයෙන්ම දියුණු කළ යුතුය.

              (ii)      ඔව්. දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ජාතික උරුමයන් උපයෝගී කර ගැනීමට අත්‍යවශ්‍යය. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අපගේ ජාතික උරුමයන් තුළින් ලොවට ගෙන යාම දැනට සිදු වන දෙයකි. එය ඉදිරියටත් තව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

(ආ)          (i)      කුරුණෑගල, දඹදෙණිය, පඬුවස්නුවර, යාපහුව යන රාජධානි 04හි සංචාරක සංවර්ධන සැලැස්මක් සකසමින් පවතී.

2018-2023 අවුරුදු 05ක වයඹ සංචාරක සංවර්ධන සැලැස්මට අනුව යමින් සංචාරක සංවර්ධන ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක කොට ඇත.

i) දඹදෙණිය රාජධානිය ආශ්‍රිතව කෞතුකාගාරයක් ඉදිකොට එය පවත්වාගෙන යනු ලැබේ.

ii) පඬුවස්නුවර රාජධානිය ආශ්‍රිතව සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් (TIC) ඉදිකොට එය පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට භාර දී ඇත. නමුත්, අවිධිමත් අන්දමින් ඉදිකොට ඇති වෙළඳ සැල් (sales outlets) නිසා එම තොරතුරු මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ප්‍රමාදයක් පවතී. එහෙයින් එම තොරතුරු මධ්‍යස්ථානය ආසන්නයේ විධිමත් වෙළඳ සැල් (sales outlets) කිහිපයක් ඉදිකිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. එම ව්‍යාපෘතිය සඳහා සැලැස්ම සකස් කරමින් පවතී.

iii) යාපහුව රාජධානිය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව වයඹ සංවර්ධන අධිකාරිය විසින් විවේක ගන්නා ස්ථානයක් (Resting Area) නිර්මාණය කිරීමට සැලසුම් මේ වනවිටත් සකස් කරමින් පවතී.

(ii) ඔව්. වයඹ සංවර්ධන අධිකාරිය මඟින් සකසා ඇති සැලැස්මට සංචාරක ආකර්ෂණයක් ලෙස දඹදෙණිය රාජධානිය ඇතුළත් කොට ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks