01

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0553/2021: Road types in Kurunegala District

553/2020

ගරු අශෝක් අබේසිංහ මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ජාතික මාර්ග, පළාත් මාර්ග සහ ග්‍රාමීය මාර්ගවල දුර ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    එම මාර්ග අතරින්—

(i) කාපට් අතුරා ඇති මාර්ගවල දුර ප්‍රමාණය;

(ii) තාර දමා ඇති මාර්ගවල දුර ප්‍රමාණය;

(iii) තාර දමා හෝ කාපට් අතුරා නොමැති මාර්ගවල දුර ප්‍රමාණය;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත (අ) හි සඳහන් ග්‍රාමීය මාර්ග ප්‍රමාණය එක් එක් පළාත් පාලන ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks