පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
552/2020
ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ජාතික පාසල් හා පළාත් සභා පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ජාතික පාසල් සහ පළාත් සභා පාසල්වල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම එක් එක් පාසලේ මේ වනවිට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-06
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ජාතික පාසල් සංඛ්‍යාව 30ක් වන අතර පළාත් සභා පාසල් සංඛ්‍යාව 845කි.
(ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික පාසල්වල සිටින ගුරුවරුන් සංඛ්‍යාව 3,403ක් වන අතර පළාත් සභා පාසල්වල සිටින ගුරුවරුන් සංඛ්‍යාව 15,992කි.
(iii) ජාතික පාසල්වල මේ වනවිට පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඇමුණුම 01 යටතේ ගරු මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරනවා. පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇමුණුම 02 යටතේ සම්පූර්ණ වශයෙන් ගරු මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරනවා.
(iv) ඔව්. ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ගරු මන්ත්‍රීතුමනි, ඒ කියන්නේ වෙන වෙනම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සඳහා විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරනවා. ශිෂ්‍ය උපදේශකයන් හිඟකම අපේ අධ්‍යාපන පද්ධතියේ දැනට තිබෙන ලොකු අඩුපාඩුවක්. ඒ වාගේම විදේශ භාෂා ඉගැන්වීම පිළිබඳව වර්ගීකරණය කරලා එයට වැඩ පිළිවෙළක් අපි සකස් කරලා තිබෙනවා.
* ප්‍රාථමික හා අපොස (සාපෙළ) ගුරු පුරප්පාඩු 3,732ක් 2021 ජනවාරි මාසයේදී ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත 2016/2018 අධ්‍යයන වර්ෂයේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් මඟින් පිරවීමට අපේක්ෂිතය. එය එක විසඳුමක්.
* 2017/2019 අධ්‍යයන වර්ෂයේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් 4,253ක් 2021 වර්ෂයේ අවසානයේදී බඳවා ගැනීමට නියමිතය.
ඒකෙන් ලොකු ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
* උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක: 20/1703/340/004 වශයෙන් අංකගත කෙරුණු 2020.09.30 දිනැති සංදේශය සඳහා අංක: අංමප 20/1533/308/039 හා 2020.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දී ඇත.
"2020.10.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දී ඇත" යනුවෙන් මෙහි සඳහන් වෙනවා.
එම තීරණය අනුව, උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවාගෙන දැනට පුහුණුව අවසන් කරනු ලැබ ඇති සහ ඉදිරියේදී පුහුණුව අවසන් කිරීමට නියමිතව ඇති උපාධිධාරින් අතුරින් සුදුසුකම් සපුරාලනු ලබන උපාධිධාරින් කෙටි කාලීන පුහුණුවකින් පසුව ජාතික හා පළාත් පාසල්වල පවතින එක් එක් විෂයට අදාළව හඳුනාගනු ලැබූ ගුරු අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලින් පරිබාහිරව බඳවා ගැනීමට සුදුසු බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙය විශේෂ අවස්ථාවක්.
මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන බලධාරින්, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් හා අදාළ අනෙකුත් බලධාරින් විමසමින් සුදුසු වැඩ පිළිවෙළක් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කරන ලෙස ඉහත තීරණය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
ඒ අනුව කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ යෝජනාවලිය 2020.11.30 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන ලදී.
අපි එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කර තිබෙනවා.
* ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට අංක: අමප/17/0653/742/009 හා 2017.05.31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අයදුම්පත් කැඳවා, තරග විභාගයක් පවත්වා, සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය පවත්වා අවසන්ව ඇති අතර, ජාතික පාසල් සඳහා ශිෂ්‍ය උපදේශන ගුරු පත්වීම් ප්‍රදානය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
* ජාතික පාසල්වල පවතින විදේශ භාෂා ගුරු පුරප්පාඩු 729ක් පිරවීම සඳහා සුදුස්සන් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කෙටුම්පත් කර විභාග කොමසාරිස් ජනරාල් වෙත යොමු කර ඇත. ඒ සඳහා අනුමැතිය ලද පසු අයදුම්පත් කැඳවා, ලිඛිත විභාගය, සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව තෝරා ගන්නා අයගෙන් අදාළ පුරප්පාඩු පුරවනු ලැබේ.
* පළාත් පාසල්වල පවතින විශේෂ අධ්‍යාපන ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධාධාරින් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය මේ වන විට පවත්වා අවසන් කර ඇති අතර තෝරාගත් අයදුම්කරුවන් 27දෙනෙකු සඳහා ඉදිරියේදී පත්වීම් ලබා දීමට නියමිතය.
* පුරප්පාඩු පිරවීම සඳහා වූ සැලසුම ඇමුණුම් 03 මඟින් දක්වා ඇත.
ගරු කථානායකතුමනි, මා ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks