01

E   |     |  

 දිනය: 2021-01-05   පිළිතුර ලබා දී ඇත 

0551/2021: ග්‍රාමීය ජල යෝජනා ක්‍රම: විස්තර

551/2020

ගරු අශෝක් අබේසිංහ මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම;

 

 

             (ii)       එම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම තුළින් ප්‍රතිලාභ ලබන පවුල්;

සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට අවශ්‍ය කරන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම පිළිබඳව සංගණනයක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, එම ජල යෝජනා ක්‍රම අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-05

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම 4,774ක් පවතින අතර ඉන් 4,323ක් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇත. එම ලියාපදිංචි ජල යෝජනා ක්‍රම යටතේ පවුල් 723,293කට පානීය ජලය සපයනු ලබයි. එය දිවයිනේ සමස්ත නළ ජල සැපයුමෙන් සියයට 12.53කි.

              (ii)      එම ජල යෝජනා ක්‍රම මඟින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව පහත පරිදි වේ.

 

අංකය

දිස්ත්‍රික්කය

ප්‍රජා මූල සංවිධාන සංඛ්‍යාව

ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව

1

රත්නපුර

516

126,000

2

 පුත්තලම

197

53,840

3

කළුතර

139

12,763

4

ගම්පහ

143

27,778

5

කොළඹ

112

9,840

6

අනුරාධපුරය

201

69,771

7

පොළොන්නරුව

128

17,140

8

කුරුණෑගල

596

62,307

9

මොනරාගල

193

75,770

10

බදුල්ල

563

71,078

11

ගාල්ල

160

14,965

12

මාතර

326

24,303

13

මාතලේ

218

17,142

14

නුවරඑළිය

131

17,215

15

කෑගල්ල

179

19,986

16

මහනුවර

216

29,229

17

හම්බන්තොට

171

45,063

18

මන්නාරම

10

1,404

19

යාපනය

15

100

20

වවුනියාව

32

767

21

කිලිනොච්චිය

10

430

22

මුලතිව්

07

848

23

අම්පාර

35

19,586

24

ත්‍රිකුණාමලය

14

2,841

25

මඩකලපුව

11

3,127

 

 

4,323

723,293

(ආ) (i) ඔව්. සිදු කර ඇත.

(ii) මේ වන විට අවශ්‍ය ග්‍රාමීය ජල යෝජනා ක්‍රම පිළිබඳව සංගණනයක් සිදුකර ඇත. ඒ අනුව ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ගම් දහසක් හඳුනාගෙන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් ඇත. ඇමුණුම බලන්න.  ඇමුණුම සභාගත* කරමි.

එයට අමතරව දැනට ක්‍රියාත්මක වන සියලු ජල ව්‍යාපෘති අතරින් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ජල ව්‍යාපෘති 4127ක දත්ත දෙපාර්තමේන්තු පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති අතර, එම තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් rwss.lk වෙබ් අඩවිය මඟින් ලබා ගැනීමේ හැකියාව ඇත.

(iii)  ඔව්.

රාජ්‍ය අය වැය මඟින් ප්‍රතිපාදන වෙන් කරනු ලබයි. එම ප්‍රමාණය රුපියල් මිලියන 2,700කි. 

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, ඉදිරි වසර 5 තුළ  සියයට සියයක්ම ග්‍රාමීය ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමු කර ඇති අතර, ඒ අනුව එම ඉලක්ක කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර කටයුතු කරනු ලබයි. ඒ අනුව, "ප්‍රජා ජල අභිමානි" වැඩසටහන යටතේ ගම් දහසකට පානීය ජලය සැපයීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, පවතින ජල ව්‍යාපෘති පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීම, "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහන යටතේ හඳුනා ගන්නා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ද ප්‍රතිපාදන වෙන් කිරීම මඟින් මෙම ඉලක්ක ජය ගැනීමට කටයුතු කරනු ඇත.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks