01

E   |     |  

 දිනය: 2020-12-01   පිළිතුර ලබා දී ඇත 

0548/2020: ගාල්ල, නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම්: කඩිනම් කිරීම

548/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ගාල්ල, බෙලිගහ හන්දියේ ඉදිකරමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මන්දගාමීව සිදුවන බව එතුමා දන්නෙහිද? (ආ) (i) එම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේද; (ii) ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට පවතින්නේද; (iii) නොඑසේ නම්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපුරා ගන්නා මූලාශ්‍ර කවරේද; (iv) එසේ මූල්‍ය ප්‍රතිපාදන සපුරාගත් පසු එහි වැඩකටයුතු කඩිනම් කිරීමට ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-12-01

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        අදාළ ව්‍යාපෘතිය 2014 ජනවාරි 20 වන දින ආරම්භ කොට සියයට 40ක පමණ වැඩ සම්පූර්ණ කරමින් තිබියදී,  2019.03.31 වැනි දා එවකට පැවති රජය විසින් මෙම ව්‍යාපෘතිය නතර කර තිබෙනවා.  ඉන් පසුව වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව 2020 ජනවාරි මස 08 වන දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ව්‍යාපෘතිය නැවත ආරම්භකොට කරගෙන යනු                  ලබනවා. ඒ අනුව වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

(ආ)         (i)       ඔව්. 

පසුගිය සතියේ ඔබතුමා මා  මුණ ගැසී ප්‍රකාශ කළාට පස්සේ ඒ අදාළ අංශය කැඳවා එය  කඩිනම් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා  ඉල්ලා සිටියා. ඒ ගොල්ලන්ට ඒ සම්බන්ධව නියෝගයකුත් දුන්නා.

(ii)  පවතී.

(iii) වර්ෂයේ අය වැය ප්‍රතිපාදන මඟින් සපුරා ගැනීමේ හැකියාවක් තිබෙනවා.  මම ඒ සම්බන්ධයෙන් ඒ නිලධාරින් එක්ක සාකච්ඡා කළාම මට ලැබුණු පිළිතුර එයයි.

(iv) මෙම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින අතර, 2021 වර්ෂයේ දෙසැම්බර් මස අවසානයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වේ. එම ව්‍යාපෘතිය ඉදි කිරීමේ කටයුතු  ඉක්මන් කිරීම සඳහා මම අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. 2021 වර්ෂයේ දෙසැම්බර් මාසය අවසානයේදී   ඉදි කිරීම් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වනවා, නීතිඥ ප්‍රජාවගේ සහ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා.

(ඇ) ඉහත සඳහන් තොරතුරු ප්‍රමාණවත් වේ.

පිළිතුරු දුන් දිනය

2020-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks