පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
547/2020 ගරු චන්දිම වීරක්කොඩි මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) හබරාදූව, අක්මීමන, ගාල්ල සහ රත්ගම යන ප්‍රදේශවලට දැඩි පානීය ජල ගැටලුවක් පවතින බව එතුමා දන්නෙහිද? (ආ) (i) එකී ප්‍රශ්නයට විසදුම වන මාගාල්ල ජල යෝජනා ක්‍රමයේ ඊලඟ අදියර සඳහා ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරන්නේද; (ii) එසේ නම්, එම මුදල කොපමණද; (iii) ඉහත කී ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුව සඳහා විසදුමක් ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-20
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) ඔව්.
2021 වසරේ මාගාල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා “සැමට පානීය ජලය” වැඩසටහන සඳහා වන ප්‍රතිපාදන යටතේ මුදල් වෙන්කර ඇත.
(ii) රුපියල් මිලියන 16,044කි.
(iii) එම ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලුවට කෙටි කාලීන විසඳුමක් ලෙස දිනකට ජලය ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුතු පිරිපහදුවක් (package plant) 2021 වසර තුළදී ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 237ක මුදලක් 2021 වසර සඳහා වෙන්කර ඇත. ඒ අනුව වසර 2021 අවසන් වන විට අදාළ ප්‍රදේශවල පවතින ජල ගැටලුවට කෙටි කාලීන විසඳුමක් ලබා දීමට හැකිවනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks