පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
542/2020 ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව කොපමණද; (ii) එම මධ්‍ය මහා විද්‍යාලවල 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගනු ලබන ක්‍රමවේදය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාලයක් කුලියාපිටිය මැතිවරණ බලප්‍රදේශයේ පිහිටුවා ඇති බව එතුමා දන්නෙහිද? (ඇ) (i) වර්ෂ 2015 සිට 2018 දක්වා ඉහත (ආ) හි සඳහන් විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ගත් සිසුන් සංඛ්‍යාව කොපමණද; (ii) ඇතුළත් කර ගන්නා ලද ඉහත එක් එක් සිසුවා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම විද්‍යාලයට ශිෂ්‍යත්ව කඩඉම් ලකුණට පහළ ලකුණු ලැබූ සිසුන් කොපමණ සංඛ්‍යාවක් ඇතුළත් කර තිබේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-20
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මධ්‍ය විද්‍යාල 54කි.
(ii) ඔව්.
මූලික වශයෙන් 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයෙහි ලකුණු පදනම් කර ගනිමින් 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගනු ලැබේ. එසේම,
ප්‍රාථමික අංශයක් පවතින පාසල්වල 05 ශ්‍රේණිවල සිසුන් එම පාසලේ 06 ශ්‍රේණියට ඇතුළත් කරනු ලැබේ.
යම් පාසලකට පෝෂිත හෝ අනුබද්ධ පාසල් ඇත්නම් එම පාසල්වලින් ද සිසුන් ශිෂ්‍යත්ව ලකුණු අනුපිළිවෙළට 06 ශ්‍රේණිය සඳහා බඳවා ගැනේ.
ප්‍රාථමික අංශයක්, අනුබද්ධ/පෝෂිත පාසල් නොමැති 06 ශ්‍රේණියෙන් ආරම්භ වන පාසල්වල ආදි ශිෂ්‍ය, සහෝදර හා කාර්ය මණ්ඩල පදනම යටතේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගනු ලැබේ.
(ආ) ඔව්.
(ඇ) (i)
|
වර්ෂය |
බඳවා ගත් මුළු සිසුන් සංඛ්‍යාව |
|
2015 |
303 |
|
2016 |
319 |
|
2017 |
328 |
|
2018 |
331 |
|
2019 |
356 |
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) දිස්ත්‍රික් කඩඉම් ලකුණට පහළ ලකුණු ලැබූ සිසුන් ඇතුළත් කර නැත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks