01

E   |     |  

 දිනය: 2021-03-24   පිළිතුර ලබා දී ඇත 

0537/2021: විගමණික සේවක දරුවන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහන: විස්තර

----

අසන ලද දිනය

2021-03-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      1996 වර්ෂයේදී මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

              (ii)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වන සේවකයන්ගේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීම මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අරමුණ විය.

(iii)

කාල සීමාව

ශිෂ්‍යත්ව ප්‍රමාණය

වැය වූ මුදල                   (රු. මිලියන)

1996 සිට 2019 දක්වා

44,940

900.02

 

 

 

1996 වසරේ සිට 2019 වර්ෂය දක්වා දරුවන් 44,940ක් ප්‍රතිලාභ ලබා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 900.02ක මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වැයකර ඇත.            ඒ පිළිබඳ විස්තර පහත සඳහන් ඇමුණුමෙහි සවිස්තරාත්මකව දක්වා ඇත. 

 

 

 (ඇ) (i) මෙම වැඩසටහන නැවැත්වීමට තීරණය කර නොමැත.

2020 වර්ෂය සඳහා 2020.01.26 දින පුවත් පත් දැන්වීමක් පළ කර අයදුම් පත්‍ කැඳවා ශිෂ්‍යත්වලාභින් 3,613ක් තෝරාගෙන ඇත. එම ශිෂ්‍යත්ව සඳහා වැය වන මුදල පහත දක්වා ඇත.

 

කාණ්ඩය

ශිෂ්‍යත්වලාභින් ගණන

ශිෂ්‍යත්වයක වටිනාකම (රුපියල්)

මුළු වටිනාකම (රු. මිලියන)

5 වසර සමත්

1,061

20,000

21.22

අ.පො.ස.           (සා/පෙළ) සමත්

2,124

25,000

53.1

අ.පො.ස.            (උ/පෙළ) සමත්

428

35,000

14.98

සමස්ත ප්‍රමාණය

3,613

-

89.3

නමුත්, රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වර්ෂයට අදාළ ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එසේ වුවද, ඉදිරියේදී එය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

(ii) පැන නොනඟී.

 

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks