01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

0532/2021: අනු‍රාධපුර දිස්ත්‍රික්කය: පානීය ජල ගැටලුව

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       පානීය ජල ගැටලු පවතින ගම්මාන ඇතුළත් ග්‍රාම නිලධාරි වසම් 182ක් අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ ඇත.

              (ii)       ගම්මාන අයත් ග්‍රාම නිලධාරි වසම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළත් පිටු 6ක පමණ ලේඛනයක් ඇමුණුම 01 වශයෙන් තිබෙනවා. ඇමුණුම කියවන්න කාලය ගන්න පුළුවන්කමක් නැහැ.  මම මේ පිළිතුර ලබා දීමෙන් පස්සේ ඒක ඔබතුමාට ලැබෙන්න සලස්වනවා. එවිට ඔබතුමාට ඒ විස්තර බලාගන්න පුළුවන්.

(ආ) ඔව්.

අනුරාධපුර උතුර අදියර I ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් අදියරේ පවතින අතර ඒ මඟින් රඹෑව හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්පූර්ණයෙන් ආවරණය වේ.

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතියේද භෞතික ප්‍රගතිය සියයට 50ක් පමණ වන අතර, එම ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්පූර්ණයෙන්ම සහ තලාව හා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක්ද ආවරණය වේ.

අනුරාධපුර උතුර අදියර II ජල සම්පාදන ව්‍යාපෘතිය ටෙන්ඩර් ඇගයීම් අදියරේ පවතින අතර, එහි ඉදිකිරීම් කටයුතුද මෙම වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මඟින් පදවිය, කැබිතිගොල්ලෑව, කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වේ.

මීට අමතරව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට යෝජිත සංයුක්ත සැලැස්ම - Corporate Plan - 2020 - 2025 මඟින්ද ජල ගැටලුව විසඳීමට තවත් පියවර ගනු ලැබේ. එම ව්‍යාපෘති බොහොමයක් සඳහා ද ටෙන්ඩර්පත් කැඳවමින් පවතී. ඒ පිළිබඳ විස්තර ඇමුණුම 02හි දක්වා ඇත. එය කියවීමට කාලය ගැනීම අනවශ්‍යයි කියා මම හිතනවා.

දැනට ක්‍රියාත්මක වන පුරනැගුම, වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින්, පානීය ජල ආවරණ ව්‍යාප්තිය හා ධාරිතාව  වැඩිදියුණු කිරීමේ කටයුතු ද සිදු කරනු ලැබේ. ඒ පිළිබඳව විස්තරය ඇමුණුම් 03හි දක්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks