පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
527/2020
ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එක් එක් ජාතික පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව, අදාළ තනතුරු නාමයන් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-19
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එක් එක් ජාතික පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව, අදාළ තනතුරු නාම අනුව වෙන් වෙන්ව පහත පරිදි දීර්ඝ ලැයිස්තුවක් තිබෙනවා.
ඒකාබද්ධ සේවයේ හා ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරු පුරප්පාඩු
|
|
සේවය |
තනතුර |
පුරප්පාඩු ගණන |
|
1 |
ඒකාබද්ධ සේවය |
සංවර්ධන නිලධාරි |
11 |
|
2 |
|
කළමනාකරණ සේවා නිලධාරි |
05 |
|
3 |
|
තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහකාර |
02 |
|
4 |
|
පුස්තකාලයාධිපති |
04 |
|
5 |
|
රියදුරු |
01 |
|
|
|||
|
1 |
ඒකාබද්ධ සේවා නොවන |
ලේඛන සහකාර |
07 |
|
2 |
|
ශිෂ්‍ය නිවාස අධිකාරි |
02 |
|
3 |
|
ශිෂ්‍ය නිවාස අධිකාරිනි |
03 |
|
4 |
|
සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරි |
03 |
|
5 |
|
සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරිනි |
04 |
|
6 |
|
රසායනාගාර සහකාර |
11 |
|
7 |
|
ක්‍රීඩා පුහුණුකරු |
00 |
|
8 |
|
අරක්කැමි |
02 |
|
9 |
|
සේවා සහායක - රසායනාගාර |
01 |
|
10 |
|
සේවා සහායක - පුස්තකාල |
09 |
|
11 |
|
සේවා සහායක - තාක්ෂණ පීඨ |
00 |
|
12 |
|
සේවා සහායක |
03 |
|
13 |
|
සේවා සහායක - ආරක්ෂක |
03 |
|
14 |
|
සේවා සහායක - සනීපාරක්ෂක |
00 |
(ii) ගරු කථානායකතුමනි, ඒකාබද්ධ සේවය පිළිබඳ පුරප්පාඩු හා ඒකාබද්ධ සේවා නොවන පුරප්පාඩු වෙන වෙනම විස්තර කිරීම වඩා සුදුසුයි කියලා මම හිතනවා. ඒකාබද්ධ සේවයේ පුරප්පාඩු පිළිබඳ තත්ත්වය මෙසේය.
එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනටමත් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති අතර, ඒ අනුව එම පුරප්පාඩු නව පත්වීම් මඟින් හෝ ස්ථාන මාරු ක්‍රමවේදය යටතේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.
ඒකාබද්ධ සේවා නොවන පුරප්පාඩු පිළිබඳ තත්ත්වය මෙසේයි.
ලේඛන සහකාර, රසායනාගාර සහකාර, සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරි, සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරි යන තනතුරුවල පවතින පුරප්පාඩු නව බඳවා ගැනීම් සහ වාර්ෂික ස්ථාන මාරු තුළින් 2021 වසර තුළ පිරවීමට කටයුතු කරනු ලැබේ. ශිෂ්‍ය නිවාසාධිකාරි/ශිෂ්‍ය නිවාසාධිකාරිනී තනතුරුවල පවතින පුරප්පාඩු, සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරිනී තනතුරුධාරින් උසස් කිරීම මඟින් පිරවීමට කටයුතු කරනු ලැබේ.
පුස්තකාල සේවක, රසායනාගාර සේවක යන තනතුරුවල පවතින පුරප්පාඩු වාර්ෂික ස්ථාන මාරු මඟින් හෝ අදාළ බඳවා ගැනීම් පටිපාටිවල විධිවිධාන අනුව අභ්‍යන්තර උසස්වීම් මඟින් 2021 වසර තුළ පිරවීමට කටයුතු කරනු ලැබේ.
අරක්කැමි, පාසල් කම්කරු හා උද්‍යාන කම්කරු යන තනතුරුවල පවතින පුරප්පාඩු, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල කනිෂ්ඨ සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගනු ලබන බහුකාර්ය සංවර්ධන සහායකයන්ගේ සේවය ලබා ගැනීම තුළින් 2021 වසර තුළ පිරවීමට අපේක්ෂා කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks