logo

03

E   |     |  

 දිනය: 2020-11-03   පිළිතුර ලබා දී ඇත 

0524/2020: අනුරාධපුරය දිස්ත්‍රික්ක‍යේ රජයේ පාසල්: ස්ථිර විදුහල්පතිවරුන්

524/2020 ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජයේ පාසල් සංඛ්‍යාව; (ii) එම පාසල් අතරින් ස්ථිර විදුහල්පතිවරු සිටින පාසල් සංඛ්‍යාව; ‍ (iii) මේ වනවිට වැඩබලන විදුහල්පතිවරු සිටින පාසල් සංඛ්‍යාව; කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ පාසල් සඳහා ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-03

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      564යි.

              (ii)      343යි.

             (iii)      221යි.

(ආ)     ඔව්. පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉතා කඩිනමින් විදුහල්පතිවරුන් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී. 

(ඇ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-11-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks