පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
521/2020 ගරු මුජිබුර් රහුමාන් මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) සහකාර පොලිස් අධිකාරී තනතුරේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවූයේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) සම්මුඛ පරීක්ෂණය සඳහා නිලධාරින් කැඳවූයේද; (ii) එම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාදීමේ ක්‍රමවේදය කවරේද; (iii) සම්මුඛ පරීක්ෂණය කැඳවා තිබූ කාලය තුළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කළේද; (iv) එසේ ක්‍රමවේදය සංශෝධනය කිරිම යෝග්‍යද; (v) එම ක්‍රමවේදය සංශෝධනය කිරීම පිළිබඳව අයදුම්කරුවන් දැනුම්වත් කළේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) ඉහත සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන අතරතුර අයදුම් කළ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය පෙරදාතම් කරනු ලැබුවේද; (ii) එසේ නම්, එම නිලධාරින්ගේ නම් කවරේද; (iii) එසේ පෙරදාතම් කිරීමේ පදනම කවරේද; (iv) අනතුරුව, කිසිදු දැනුම්දීමකින් හා හේතු දැක්වීමකින් තොරව සම්මුඛ පරීක්ෂණය කල් දැමුවේද; (v) මේ වනවිට සම්මුඛ පරීක්ෂණයේ තත්ත්වය කවරේද; (vi) සම්මුඛ පරීක්ෂණය ඉදිරියේදී පවත්වන්නේද; (vii) එසේ නම්, එම දිනය කවරේද; තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) (i) සහකාර පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ නිලධාරින් යෙදවූයේද; (ii) එසේ නම්, එම රාජකාරි කවරේද? යන්නත් වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-06
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
2020.01.31 දින අයදුම්පත් කැඳවා ඇත.
(ආ) (i) නැත.
(ii) ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අංක NPC/ED/GO/06/10/15 හා 2019.07.19 දිනැතිව අනුමත කරන ලද ශ්‍රී ලංකා පොලීසියේ විධායක සේවා ගණය සඳහා වන තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියේ සඳහන් පරිදි ලකුණු ලබා දීමේ පටිපාටිය සකස් කර ඇත.
(iii) ඔව්.
(iv) එම සංශෝධනය කරන ලද්දේ නියමිත බලධරයා වන ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.
(v) ඔව්.
පොලිස්පතිගේ දුරකතන පණිවිඩ අංක 591 මඟින් නිලධාරින් දැනුවත් කර ඇත.
(ඇ) (i) ඔව්.
(ii) ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.සී.ආර්.පී. ඕලුගල මහතා
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.එම්.එස්.පී.කේ. ගුණරත්න මහතා
(iii) ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.සී.ආර්.පී. ඕලුගල නිලධාරියා 1999.08.31 දින සිට 2001.11.26 දින දක්වා වසර 02යි මාස 02යි දින 23ක කාලයක් සේවය හැරගොස් සිට ඇති බැවින් 2003.01.01 දිනට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබාදීමේදී නිලධාරියාට වසර 04ක නොකැලැල් සේවා කාලයක් සම්පූර්ණ නොකිරීම මත නිලධාරියා උසස්වීම් ලැබීමට නුසුදුසු නිලධාරියකු ලෙස සලකා ඇත. පසුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අංක NPC/ED/NG/PR/03/05/2019 හා 2020.01.28 දිනැති ලිපිය මඟින් නිලධාරියා සේවය අතහැර යෑමේ නියෝග ලබා සිටි කාලය, වැටුප් සහිත සක්‍රිය සේවා කාලයක් ලෙස සැලකීමට නියෝග කර ඇත. ඒ අනුව නිලධාරියා 2014.03.17 දින ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර, 2003.01.01 දිනට පෙරදාතම කර ඇති බැවින්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළ ස්ථානයක ස්ථානගත කර ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එම්.එස්. පී.කේ. ගුණරත්න නිලධාරියා පොලිස් සේවයට කර ඇති විශිෂ්ට හා යහපත් සේවය සහ ඔහුගේ දැනුම සහ පළපුරුද්ද සලකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අංක NPC/ED/GO/PR/03/32/20 හා 2020.05.22 දිනැති ලිපිය මඟින් නිලධාරියා වෙත 2014.03.17 දිනට ලබා දී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ උසස්වීමේ දිනය 2010.01.01 දිනට පෙරදාතම කර ඇති බැවින් නිලධාරියා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළට ගෙන ගොස් ඇත.
(iv) නැත.
පොලිස්පති විසින් නිලධාරින් දැනුවත් කර ඇත.
(v) අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම සඳහා නිලධාරින්ගේ වර්තමාන පත්වීම් බලධාරියා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් අනුමැතිය ලබාගැනීමට යොමු කර ඇත.
(vi) ඔව්.
(vii) ඉහත (v) හි සඳහන් අනුමැතිය ලද පසු සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය තීරණය කරනු ලැබේ.
(ඈ) (i) ඔව්.
(ii) මැතිවරණ රාජකාරි.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks